• Talkies
  • අපි නින්දෙදි දකින හීන ඇත්ත වෙන්නෙ කොහොමද?

මම දැනට දෙපාරක් විතර මම දැකපු හීන ඇත්ත ජීවිතේදී අත්විදල තියෙනව.එහෙම උන දවස් වල කට්ටිය
මේ ගැන දාපු පොස්ට් බැලුව, ගොඩක් අයට මේ වගේ හීන ඇත්ත වෙලා තිබුන අවස්ථා තිබුන.හැබැයි ඒ එක පොස්ට් එකකින්වත්
කමෙන්ට් වලින්වත් මෙහෙම වෙන්නෙ ඇයි කියල දැනගන්න පුළුවන් උනේ නෑ 😞. ඉතින් මේ සිද්ධිය ගැන මොනවහරි දන්න කෙනෙක්
ඉන්නවද?
මං මෙහෙම කලින් පොස්ට් මොනවත් දාල නැහැ.අද මෙහෙම දාන්න හිතුනේ අදත් ඒ දේම උන නිසා.
මං ඊයේ හීනයක් දැක්ක මම කලින් කවදාවත් දැකපු නැති තැනක ගිහින් සතුටින් ඉන්නව, අද fb යද්දී මගේ ක්‍රෂ් එක🙈 මම අර දැකපු හීනෙ
තිබුන වගේම තැනක ගිහින් ඉන්න ෆොටෝස් දාල තියෙනව🥺.
කොහොමද මෙහෙම වෙන්නෙ🙄🤔

    ඩේජා වූ සීන් එක නම් කිහිප සැරයක් වෙලා තියෙනවා

    Kylo Brooks ඇත්තටම සිහින ගැන මේ වෙනකොට හොයාගෙන තියෙන්නේ සීමිත තොරතුරු ටිකක්.

    සිහින පෙනෙන්නේ අපිට තද නින්දේදී. හරියටම කියනවා නම් REM sleep එකේදි. ඒ වගේම සිහින හදන්නේ අපේ උප විඥානයේ තැන්පත් වෙලා තියෙන දේවල් එක්ක. ඉතින් සමහර විට අපිට අමතක වුණ, අපේ හිතේ තියෙනවා කියලා අපි දන්නෙත් නැති දේවල් සිහින වලින් එළියට එන්න පුළුවන්.

    අහම්බයකට වඩා මම නම් හිතන්නේ ඔය වගේ දේවල් පෙන්වන්න අපේ මොළය ගොඩක් දක්ෂයි. අපි හිතනවට වඩා අපේ හිතේ තැන්පත් වෙලා තියෙන දේවල් එකිනෙක එකතු කරලා, වෙන්න තියෙන දෙයක් සිහිනයක් බවට හරවන්න මොළයට පුළුවන්.

    සරලව කිව්වොත්, කොටස් ටික ගැලපෙන විදියට හරියටම යා කරන්න පුළුවන් මොළයට.

      Kylo Brooks අපිට හීනෙකින් වත් ඔහොම එකක් පේන්නේ නැ 😕 එක්කෝ අලියෙක් එළවන් එයි. නැත්නම් කුළු හරකෙක් එලවන් එයි

        රෑට පේන හීන උදේට අමතක වෙන කවුරුත් නැද්ද රෑ හීන දැක්කද කියලවත් මතක නැති මම 🤧

          Write a Reply...