මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අදාළව වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.
ඒ අනුව එන්නත් මාත්‍රා දෙලක්ෂ 32,526 ක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් එක්ලක්ෂ 73,988 දෙනෙකුට ලබාදී ඇති බව සඳහන්.
එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 40,276 ක්. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 13,357 දෙනෙකුට ඊයේ ලබාදී තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 4,725 දෙනෙකුට ලබාදී ඇති අතර, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ පුද්ගලයින් 180 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
මේ අතර මෙම වැටසටහන යටතේ අද දිනයේදීත් දිස්ත්‍රික්ක 20ක මධ්‍යස්ථාන 24ක් තුළදී එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනවා.
පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා අදාළ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට මෙම මධ්‍යස්ථාන හරහා එනන්ත් ලබාගැනීමේ පහසුකම ලබාගත හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.