මම සරල උත්තරයක් දෙන්නම්. @Mr_Blue හොඳ technical උත්තරයක් දෙන්න.

Torrent එකකින් download කරනකොට වෙන්නේ, වෙන තැන් වල පරිගනක වල තියෙන, අපි අරගන්න file එකේම කොටස්, අපේ පරිගණකයට download කරන එක. ඒ කියන්නේ, අපි film එකක් download කරනවා නම්, ඒක තියෙන තව පරිගණකයකින්, ‍ඒකේ පොඩි කෑල්ලක් අපිට අරගෙන දෙනවා. තව කෑල්ලක්, වෙන පරිගණකයකින් අරගන්නවා. අන්තිමේදී ඔක්කෝම කොටස් එකතු වුනාම, සම්පූර්ණ file එක අපිට ලැබෙනවා.
Seed කියන්නේ, මේ file එක අපිට අරගන්න ඉඩ දෙන කට්ටිය. එයාලා ලඟ මේ file එක සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒකෙන් කොටසක් අපිට අරගන්න ඉඩ දෙනවා. Peers කියන්නේ file එක download කරගන්න අය. එයාලා ලඟ file එකෙන් කොටසක් හෝ පොඩ්ඩක්වත් නැති වෙන්න පුළුවන්.
මම වැරදි නම් නිවරදි කරන්න...😊😊

    𝕍iHaƝgA තේරෙන්න කෙටියෙන්ම කිව්වොත් ඔව්. Peers කියන්නේ ඒ වෙලාවේ ඒ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන අය. Seeders කියන්නේ ඒ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරලා ඉවර අය. ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉවර උනාම ඔයත් seeder කෙනෙක් වෙනවා (කැමතිනම් අපිට ඒක නවත්තන්න පුලුවන්). Seedersලා කියන්නේ ඒ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා උඩ @dr-nilusha කියලා තියෙනවා වගේ ඒ ෆයිල් එකෙන් කැල්ල
    කෑල්ල අනිත් ඒ ටොරන්ට් එකම ඩවුන්ලොඩ් කරන අයට දෙන අයට. Seedersලා වැඩි නම් ඒ ටොරන්ට් එක ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

    𝕍iHaƝgA අපි ඒක download කරගන්න කල්, අපි peer එකක්. Full download කරගෙන, තව දුරටත් torrent software එක සහ internet එක active ති‍යාගෙන ඉන්නවානම්, අපිව seed කෙනෙක් වෙනවා. එතකොට අපෙන් කවුරුහරි ඒක download කරගන්නවා. මේ දේ, අපි peer කෙනෙක් වෙලා ඉන්න අතරෙත් වෙනවා. ඒක නිසා තමයි, අපේ upload data යන්නේ.

    Write a Reply...