• Talkies Q & A
  • Sinhala subtitles හදන්නේ කොහොමද ?

අපිටත් පුලුවන්ද සූම් එකට උපසිරැසි දාන්න? කොහොමද ෆිල්ම් එකකට සිංහල උපසිරැසි හදන්නේ ?

  • කැමති කෙනෙක්ට දාන්න පුළුවන්.. admin@zoom.lk මේකට mail එකක් දාන්න.
    Notepad එකෙන් edit කරන්නත් පුළුවන් නැත්තම් subtitle Edit කියල software එකක් තියෙනවා ඒකෙනුත් පුළුවන්...
    https://github.com/SubtitleEdit/subtitleedit/releases

කැමති කෙනෙක්ට දාන්න පුළුවන්.. admin@zoom.lk මේකට mail එකක් දාන්න.
Notepad එකෙන් edit කරන්නත් පුළුවන් නැත්තම් subtitle Edit කියල software එකක් තියෙනවා ඒකෙනුත් පුළුවන්...
https://github.com/SubtitleEdit/subtitleedit/releases

Software එකකින් හරි Notepad එකෙන් හරි උපසිරැසි හදන්න පුළුවන්. හැබැයි, නිකම්ම ඉංග්‍රීසි උපසිරැසිය විතරක් අරගෙන, ඒක පරිවර්තනය කරන්න හදන්න එපා. චිත්‍රපටිය හොඳට බලන්න. තේරුම් අරගන්න. හරියට තේරුණේ නැත්නම් ආයේ බලන්න. ඊටපස්සේ සිංහල උපසිරැසි හදන්න. නැත්නම් වෙන්නේ ඉංග්‍රීසි වචන සිංහලෙන් කියවන එක විතරයි. චිත්‍රපටියේ සිදුවීමට උපසිරැසිය ගැලපෙන්නේ නැතිවෙයි.

අනික, හැම වචනයක්ම සිංහලෙන් නොලියා, තියෙන පොඩි වෙලාවේ, කතාබහ තේරෙන විදියට ලියන්න. ඔක්කෝම ලියන්න ගත්තොත්, උපසිරැසි මාරුවෙන වෙලාව ඇතුලත, කියවගන්න බැරිවේවි... 😊

    dr-nilusha ගොඩක් අයට කාලයක් යනවා ඕකට හුරු වෙන්න. ලේසි නෑ සබ්ටයිටල් දානවා කියන ඒකත්...

      23 days later

      ZonicDesigner එහෙම තමයි ගොඩක් වෙන්නේ්‍. ඒත් ගොඩක් වෙලාවට ඒ තියෙන ඉංග්‍රිසි වචන ටිකම ට්‍රාන්ස්ලේට් කරලා ගත්තොත් බලන කෙනාට ඒක තේරෙන එකක් නෑ හරියට.

        ZonicDesigner ගූගල් ට්‍රාන්ස්ලේට් නම් කොහොමත් අවුල්... ඒකෙන් නම් සබ් හදන්න බෑ

          ctupramod www.syedgakbar.com menna meken thma mn kalin heduwe meka hodaid?

          den nam hadanne ekko english walinma balano nethnam hadapu ekak zoom or bicecope eken hoyan balano

            ZonicDesigner ඒකත් ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ට්‍රාන්ස්ලේට් වෙන එකක් නේ?

              ZonicDesigner 😬 පාවිච්චි කළාට කමක් නෑ තේරුම් ගන්නම බැරි වෙලාවක් තියෙනවානම්.
              ඒත් කරන්න උත්සහ කරන්න ඕන ඔයාම පුලුවන් විදියට පරිවර්තනය කරන්න ගන්න එක. අමාරු වචන තියෙනවනම් මධුර ඩික්ෂණරි එකෙන් තේරුම හොයාගන්න.

                සබ් ගහන එක ලේසි නෑ සහෝ. ඒක හෙන අමාරු වැඩක්. ඒත් උනන්දුව සහ ආසාව තියේනම් ඉතිං ඒක හෙන ලේසි ඊසි වැඩක් වෙනව සබ් දෙක ගහනකොටම. ලොකුම් දේ තියෙන්නෙ ට්‍රාන්ස්ලේට් කරන එකේනෙ. ඒකට ඔය ගූගල් ට්‍රාන්ස්ලේට් දාල නම් සබ් ගහල මාත් සබ් ගහන්න දන්නව මමත් සබ් කරනව කියල හිතන්න නම් ගන්න එපා ඒක ෆිල්ම් එක බලන එකාට වහ කනව වගේ වැඩක් සහ සබ ගහපු එකාගෙ හත්මුතු පරම්පරාවටම හචිං යන වැඩක්. ඒ නිසා පොඩි වෙලාවක් කැප කරල ලෙසටම එකක් ගහන්න, ඊලග එකේ ඉදන් ඔයාට කජු කනව වගේ වෙයි වැඩේ. පොඩ්ඩක් සිංහලෙන් ටයිප් කරන්න ඇගිලි ටික හදාගන්න එච්චරයි සීං එක.
                එලම. සබ් ගහන්න දන්න්නෙ නැති අය ඉන්නවනම් ත්‍රෙඩ් එකේ ටියෙන ඇප් එක ට්‍රයි කරන්න. ඒත් බැරි අය ඉන්න වනම් PM එකක් දාන්න කියල දෙන්නම්.
                එලම

                  WiskyCN කථා කරන හැටියට නම් ටිකක් දාන්න අඳුරන කෙනෙක් වගේ 😁 සද්ද නැතුව ඉඳලා වැඩ පටන් අරන් වගේ මුට්ටියේ

                  8 months later
                  Write a Reply...