Xiaomi ලෝකයම දන්නා නමක් බවට පත්කර, Hugo Barra යයි

හියුගෝ බාරා නම කිව්ව සැනින් ජංගම දුරකථන විතරක් නෙවෙයි. තාක්ෂණික ලෝකයේත් හැමෝම දන්නවා. ගූගල් සමාගමේ සහ ඇන්ඩ්‍රොයිඩ් පිළිබඳව හිටපු ප්‍ර‍ධානියා වූ ඔහු Xiaomi සමාගමට 2013 දී එක්වීම ලොවපුරාම කතාබහට ලක්වූ මාතෘකාවක් වුනා. විශේෂයෙන් තාක්ෂණික ලෝකයේ ඔහුට තිබූ තැන හා පිළිගැනීම නිසා ෂයෝමි නාමය ලොවපුරා ප්‍ර‍චලිත වීමටද ඔහු බලපෑවා.  ඒ වනවිට ෂයෝමි නාමය චීනයෙන් පිටතට නොදන්නා නමක්.

හියුගෝගේ මඟපෙන්වීම හා ඔහු සතුව තාක්ෂණික ලෝකය වගේම අංශ ගණනාවක දැනුම හා ඉදිරිදැක්ම නිසා ෂයෝමි සමාගම ලොවපුරා ප්‍ර‍චලිත නාමයක් බවට වසර තුනහාමාරක් තුළදී පත්කිරීමට ඔවුනට හැකිවුනා. “ඇපල් කොපි කරනවා” යැයි ලේබල් ගසා තිබූ ෂයෝමි සමාගම, සම්පූර්ණයෙන්ම තමන්ගේ අදහස් මත නිර්මාණයන් සිදුකරන සමාගමක් බවට පත්කිරීමට හියුගෝ මැදිහත් වූ බව නොරහසක්. Mi 5, Mi Mix වැනි දුරකථන කීපයක් මඟින් ඇපල් සැම්සුන් හට දැවැන්ත අභියෝගයක් එල්ලකරන තැනට ෂයෝමි සමාගම පත්කර ඇති වෙලාවක හියුගෝ තම ෆේස්බුක් හා ට්විටර් ගිණුම්වල සටහන් තබමින් පැය කීපයකට කලින් ප්‍ර‍කාශ කලේ තමන් නැවත සිලිකන් වැලි වෙතට ගමන් කරන බවයි.

ඒ, ලබන මස චීන අලුත් අවුරුද්දෙන් පසුවයි.

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: