හෙලකුරු එකෙන් දීපු අලුන් ම සේවාව තමයි ඉන්ධන updates. මේකෙන් පුළුවන් වෙනවා තෙල් ආව ද නැද්ද කියල බලාගන්න. මේක වැඩ කරන්නෙ මේක භාවිතා කරන පරිශීලකයන්ගෙ උදව්වෙන්. ‌මේක භාවිතා කරන අය ලබා දෙන් update වලින් තමයි මේක තෙල් තියෙනව ද නැද්ද කියන එක පෙන්නුම් කරන්නෙ.

ඒ වගේ ම live chat කරන්න පුළුවන් අවස්ථාවත් ලබා දීල තියෙනවා. ඒකෙන් පුළුවන් තෙල් එන්නෙ කවද්ද, පොලිමක් තියෙනව ද, කොයි හරියට දැන් පෝලිම තියෙන්නෙ වගේ අදහස් හුවමාරු කරගන්නත් පුළුවන්.

තව අපිට අවශ්‍ය පිරවුම් හල subscribe කරල තියාගෙන ඒකට ලැබෙන notification ලබාගන්නත් අවස්ථාවක් ලබා දීල තියෙනවා. ඒ වගේ අපේ QR එක add කරල තියාගන්නත් පුළුවන්...

    Mr_Blue සමහර ඒවා නම් update වෙනවා. මාත් දැක්ක තැන අප්ඩේට් කරලා chat එකේ දානවා.. කාටහරි උදව්වක් වෙනවානේ.

    Write a Reply...