• Talkies Q & A
  • පළාත් අතර තාම ගමන් කරන්න බැරි ද?

අගෝස්තු 1 වෙනකල් සම්පූර්නෙන්ම පළාත් අතර ගමන් තහනම් කරලා ද තියෙන්නේ ? යන්න විදියක් ඇත්තේම නැද්ද

    sadun89 නෑ. කලින් වගේම තමයි. පළාත් අතර සංචරණය තහනම්.
    අත්‍යාවශ්‍ය සේවාවක සේවය කරන කෙනෙක් නම් ගැටලුවක් නෑ අවසරය තියෙනවා ඔයාට.
    එහෙම නැත්නම් කිසිම හේතුවකට යන්න තහනම්(යන අය ඉන්නවා ඕන තරම් ඉතින්. ඒ වුණාට තමන් තමන්ගෙන්ම අහලා බලන්න ඒ කරන්නේ හරි දෙයක්ද කියලා)

    අනිවාර්යයෙන්ම @ctupramod කියපු දේ හරි. මම හැමදාම රාජකාරි කටයුතු වලට, පලාත් දෙකක් මාරු වෙනවා. කොයි වෙලාවකවත් පොලිසියෙන් බලලා නෑ. ගොඩාක් දෙනෙක් යනවා පේනවා. හැබැයි, වැඩි දෙනෙක් යන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට නෙමෙයි. සංචරණ සීමා දාලා තියෙන්නේ ඇයි කියලා ඔළුවෙන් කල්පනා කරලා, අඩුවෙන් ඇවිද්දොත් තමයි හොඳ.

    Write a Reply...