• Educational Q & A
  • මරණීය දණ්ඩනයට නියම කළ කෙනෙක්ට ජනාධිපති සමාව දිය හැකිද?

මට මේකට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. මරණීය දණ්ඩනයට නියම වූ කෙනෙක්ට ජනාධිපති සමාවක් දෙන්න පුලුවන්ද?

මේක මම උපුටා ගත්ත එකක් වෙන තැනක තිබිලා.

ජනාධිපතිවරයාට වරදකරුවෙකුට සමාව ප්‍රධානය කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ දක්වා ඇත. ව්‍යවස්ථාවේ 34 වගන්තිය ප්‍රකාරව වරදකරුවෙකුට පූර්ණ සමාවක් ප්‍රධානය කිරීම මෙන්ම නීතිමය කොන්දේසි සහිතව සමාවක් ප්‍රධානය කිරීමට ජනාධිපතිවරයාට හැකිය. එසේම දණ්ඩන නියමයන්වල ස්වභාවය වෙනස් කිරීමටද ජනාධිපතිවරයාට හැකිය.

එහෙත් මරණීය දණ්ඩනය නියම වූ අයෙකු සම්බන්ධයෙන් සමාව ප්‍රධානය කිරීමේදී එම නඩුව ඇසූ විනිසුරන්ගේ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් කැඳවිය ලැබිය යුතු අතර, එම වාර්තාව නීතිපතිවරයා වෙතට යොමුකොට ඔහුගෙන් උපදෙස් ලබා ගත යුතුය. එම උපදෙස් වාර්තාව ඉන්පසු අධිකරණ ඇමතිවරයා වෙතට යොමු කොට සමාව ප්‍රධානය සඳහා ඔහුගේ නිර්දේශයන් ලබා ගත යුතුය.

ජනාධිපති සමාව වරදකරුවෙකුට ප්‍රධානය කරනු ලබන්නේ මේ ක්‍රියාවලියෙන් පසුවය. ජනාධිපතිවරයාට මේ සඳහා අභිමතයක් ඇත, නීතියේ අභිමතය ක්‍රියාත්මක කලයුතු ආකාරය ගැන දක්වා ඇත. අභිමතය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කල යුතු අතර එය අත්තෝනමතික නොවිය යුතුයැයි නීතියෙහි කියැවේ. අභිමතය අත්තනෝමතිකව හෝ අධිකරණමය නොවන ආකාරයකින් භාවිතා කර ඇත්නම් එය අභියෝගයට ලක්කල හැකිය. රෝයල් පාක් ඝාතන නඩුවේදී සිදුවූයේ එය වන අතර එම නඩුව දැන් විභාගවෙමින් පවතී.
(උපුටා ගැනීමකි)

    👀 මට සුදු වැන් පේනවා

    Mr_Blue 😁😁 ආසද ඔවා කතා කරලා වැන් එකක ටුවර් එකක් යන්න උබ

      රටේ විධායක ජනාධිපති කම නැති කරන්නේ නැත්තේ, ඔය වගේ අසාමාන්‍ය බලතල ඒක එක්ක ඈඳිලා තියෙන නිසා. බල තන්හාව සහ මොන දේ වුනත් බේරගන්න පුළුවන් කම තියෙන නිසා. ඔය අධිකරණ තීන්දු වෙනස් කිරීමට අමතරව, තව මූල්‍ය වංචා ගැන ගොඩාක් දේවල් වලින් විධායක ජනාධිපතිට බේරෙන්න සහ බේරන්න පුළුවන්. මිනිස්සුන්ට විධායක බලය කියලා කියන්නේ වෙනම කතාවක්. හැබැයි ඇත්ත වෙනයි.

        Write a Reply...