Samsung Galaxy M40 – Camera 3ක්, Infinity O ඩිස්ප්ලේ සහ Snapdragon 675 සමග හඳුන්වාදෙයි

සැම්සුන් සමාගමේ මේ වන විට ජනප්‍රියම දුරකථන පෙලක් වන M සීරීස් එකේ අලුත්ම දුරකථනය විදියට M40 හඳුන්වාදෙනු ලබනවා.

අඟල් 6.3ක PLS ඩිස්ප්ලේ එකක් මෙහි තිබෙන්නේ. ඉදිරිපස කැමරාව සඳහා ”O” ආකාරයේ punch hole එකක් තිබෙනවා. ඩිස්ප්ලේ එක දුරකථනයෙන් 91.8%ක් ආවරණය වී තිබීමද කැපී පෙනෙනවා. FullHD+ රිසොලුෂන් එකක් මේකේ තිබෙනවා.

Galaxy M40 ඉදිරිපස සහ පිටුපස

චිප්සෙට් එක ගැන කතා කලොත්, ස්නැප්ඩ්‍රැගන් 675 චිප්සෙට් එක ඔවුන් යොදාගෙන තිබෙනවා. එවගේම ගිගාබයිට් 6ක රැම් මතකයක්ද තිබෙනවා. දුරකථනය ”ස්ලෝ” වීම නම් ලේසියෙන් වෙන එකක් නෑ මේ චිප්සෙට් එක නිසාම.

ෆේස් අන්ලොක් පහසුකම

දුරකථනයේ කැපී පෙනෙනම අංගය වන්නේ කැමරාවයි. ප්‍රධාන කැමරාව විදියට 32MP(F1.7) සෙන්සරයක්ද, 8MP අල්ට්‍රා වයිඩ් සෙන්සරයක්ද(අංශක 123), 5MP ඩෙප්ත් සෙන්සරයක්ද තිබෙනවා. 4K  දක්වා වීඩියෝද, 240fps දක්වා ස්ලෝ මෝෂන්ද රෙකෝඩ් කරන්න පුලුවන්. සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 16ක්.

බැටරිය 3500mAh තිබෙනවා. එවගේම type C කේබල් එකක් තුලින් 15W දක්වා විදුලියකින් ආරෝපණය කරන්න මේකට හැකියාව තිබෙනවා.

ඉන්දියාවේදි මෙය මිළ නියමවී තිබෙන්නේ ඉන්දියානු රුපියල් 19,990කට. ලංකාවේ මුදලින් නම් රුපියල් 51,000ක් පමණ

පැමිණෙන වර්ණ දෙක

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: