AMOLED display සහ Voice Assistant සමග ආපු අලුත්ම Mi Band 4 එක මෙන්න!

‍‍‍ලෝකේ වැඩියෙන්ම wearable විකුණන සමාගම වන Xiaomi සමාගමේ ජනප්‍රියතම උපාංගයක් වන, Mi Band(මී බෑන්ඩ්) හි අලුත්ම සංස්කරණය, මී බෑන්ඩ් 4 අද දින හඳුන්වාදෙනු ලැබුවා. ඒ චීනයේදී.

Mi Band 4

දැක්ක ගමන්ම වෙනස්ම අංගයක් විදියට කියන්න පුලුවන් මේකේ ඩිස්ප්ලේ එක. අඟල් 0.95ක ඇමොලේඩ් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. සීරීම් වලින් වලකන්න 2.5D scratch resistant වීදුරුවක් තමයි මේකේ තියෙන්නේ. ඩිස්ප්ලේ එක වර්ණ වීමත් සමඟ, විවිධාකාරයේ අපූරු තීම්ස් සිය ගණනක් ඔවුන් ප්‍රදර්ශණය කලා.

තවත් ප්‍රධානම අංගයක් වන්නේ ප්‍රථම වතාවට AI Assistant කෙනෙක් මී බෑන්ඩ් එකට පැමිණෙනවා. ෂයෝමි සමාගමේම Xiao AI ඇසිස්ටන්ට් ඔවුන් මෙලෙස බෑන්ඩ් එකට අන්තර්ගත කර තිබෙනවා. ඩිස්ප්ලේ එකේ දකුණු පැත්තට swipe කලාම ඇසිස්ටන්ට් එනවා. එමගින් ඔයාගේ ගෙදර තියෙන smart උපකරණ පාලනය කරන්න, බෑන්ඩ් එකේ alarm, timers සෙට් කරන්න වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්. දුරකථනයේ ගීත ප්ලේ කරනවනම්, ඒවායේ ශබ්දය වෙනස් කිරීම, වෙනත් ගීතයකට මාරු කිරීම වගේ වැඩත් අලුත් බෑන්ඩ් එකෙන් කරන්න පුලුවන්

NFC පහසුකම තිබෙන සංස්කරණයකුත් පැමිණෙන නිසා, ඔයාට card-less විදියට මුදල් ගෙවීම් කරන්න පුලුවන් වෙනවා.

චීනයේ පමණක් දැනට නිකුත් කිරීමට තිබෙන නිසා, ලංකාව ඇතුලු අන්තර්ජාතික වෙළඳපලවල් වලට එන දිනයක් නම් දැනට තිරණය කරලා නෑ.

Mi Band 4 Music control

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: