Android වලින් Facebook එකට 3D Photos දාමු

Facebook සමාජ ජාලය නිතර භාවිතා කරන කෙනෙක් නම් මතක ඇති මීට මාස කිහිපයකට කලින් ලංකාවේ ගොඩක් අය 3d photos තමන්ගේ Facebook ගිණුමට දාලා තිබුනා. හැබැයි ඒ 3d photos තාක්ෂණය Facebook ආයතනයෙන් දීලා තිබුනේ Apple devices වලට විතරයි. තවමත් Android devices වලට මේක කවදා release කරයිද කියලා කියන්න අමාරුයි. හැබැයි අපිට පුලුවන් 3rd party වෙබ් අඩවියක් පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න. හැබැයි හැම Android ෆෝන් එකකමත් මේක කරන්නත් බෑ. ‍‍

මොන devices වලින්ද පුලුවන්?

‍‍‍‍මේ වැඩේ කරන්න අපිට Google Camera එක ෆෝන් එකේ තියෙන්න ඕන වෙනවා. දැන් එන ගොඩක් Android ෆෝන් වලට Google Cam එක install කරන්න පුලුවන්. එහෙම බැරි නම් root කරලා වැඩේ කරගන්නත් පුලුවන්. ඒ ගැන මේ පෝස්ට් එකෙන් කතා කරන්න යන්නේ නම් නෑ.

හරි! Google Camera තියෙනවා. ඊළගට?

අපි මේකට පාවිච්චි කරන්නේ Google Cam එකේ තියෙන Lens Blur කියන mode එක. Google Cam එක open කරලා දකුණු පැත්තට swipe කරද්දි Lens Blur කියන mode එක ගන්න පුලුවන්.

ඔයාගේ Google Cam එකේ Lens Blur කියන mode එක නැත්තම්, Google Cam එක update කරගන්න. මොකද Lens Blur mode එක එයාලා release කලේ ලගදි. පහල ලිංක් එකෙන් ඔයාගේ phone එකට ගැලපෙන Google Cam apk එකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.

https://www.celsoazevedo.com/files/android/google-camera/

Photo එකක් ගත්තා. ඊළගට මොකද කරන්නේ?

දැන් තමයි මං අර කලින් කිව්ව 3rd party website එක අපි පාවිච්චි කරන්න යන්නේ. මේ වෙබ් අඩවියේ නම තමයි Omniviart කියන්නේ. මෙයාලා ලගදි තමයි මේ 3d photo විශේෂාංගය හදුන්වලා දුන්නේ.

  • මුලින්ම ඔයා පහල තියෙන ලිංක් එකෙන් ඒ වෙබ් අඩවියට යන්න.
    https://www.omnivirt.com/3d-photo/
  • ඊට පස්සේ උඩින්ම තියෙන Upload An Image කියන තැන තියෙන Browse බට්න් එක ඔබලා ඔයාලා කලින් Lens Blur mode එකෙන් ගහපු ෆොටෝ එක select කරලා upload කරන්න.
  • ඊට පස්සේ ටික වෙලාවකින් යටින් තව බට්න් එකක් ඒවී Download 3D Photo Assets කියලා. අන්න ඒක උඩ ඔබලා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
  • ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක .zip එකක්. ඒක extract කරගත්තට පස්සේ ඔයාලට photos දෙකක් දකින්න පුලුවන් වෙයි (image.jpg සහ image_depth.jpg). අන්න ඒ දෙක අපිට ඕන කරනවා.

Facebook එකට upload කරන්නේ කොහොමද?

  • ඔයාලා computer එකේ නම් upload කරන්න යන්නේ, ඔයාට අපි උඩ ඩවුන්ලෝඩ් කරගත්ත photos දෙකම එකපාර select කරලා upload කරන්න තියෙන්නේ. එතකොට නිකන්ම ඒ photos දෙකම එක 3d photo එකක් විදිහට convert වේවි.
  • ඔයාලා phone එකෙන් නම් upload කරන්න හදන්නේ, ඔයාලා phone එකේ web browser එකට යන්න (Google Chrome නම් හොදයි), ඊට පස්සේ Settings වලින් Desktop mode එක enable කරලා, www.facebook.com කියන ලිංක් එකට යන්න. එතනින් මං කලින් කිව්ව විදිහටම එක පාර photos දෙක select කරලා upload කරන්න.

මං Android වලින් දාපු 3d photo එකට ගොඩක් අය comment කරලා අහලා තිබ්බා මේක කොහොමද කරන්නේ කියලා. Message එවලත් තිබ්බා. ඒ හැමෝටම ලේසී වෙන්න තමයි මේ පෝස්ට් එක දැම්මේ. ජය වේවා!

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: