iOS 13 නිසා ඇපල් ෆෝන් වල ආයුකාලය වැඩිවෙයි – ඒ කොහොමද ?

iOS 13 පසුගිය දා හඳුන්වාදීමත් සමග බොහෝ දෙනා ඒ ගැන කතා කලා. නමුත් කතා නොකල මාතෘකාවක් තමයි මේක.

Optimized battery charging ලෙස හදුන්වන මේ ක්‍රමය මගින් ඔයාගේ ෆොන් එකේ බැටරිය 100% දක්වා ආරෝපණය වන්නේ නෑ. 80% වගේ ආසන්න ගානකට තමයි චාජ් වෙන්නේ.

බයවෙන්න එපා. 100% දක්වා චාජ් වෙනවා. ඒකට ටික දවසක් ඔයා ෆෝන් එක පාවිච්චි වෙන විදිය පද්ධතිය විසින් අදුරගන්නවා. එදිනෙදා දවස තුලදී කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ඉතිං, එහෙම ඉගෙනගත්තට පස්සේ, AI තාක්ෂණය යොදාගෙන ඔයාට ගැලපෙන උපරිම බැටරි මට්ටමක් දක්වා ආරෝපණය කරලා දෙනවා. අවශ්‍ය වෙලාවට 100% දක්වා ආරෝපණය වෙනවා. ‍

මේක කරන්න හේතුව තමයි, සාමාන්‍යයෙන් ලිතියම් අයන් බැටරි 100% දක්වා ආරෝපණයත්, 0% දක්වා බැටරි බැසීමට ඉඩ හැරීමත් හොඳ දෙයක් නෙවෙයි. කෙටි කාලීනව නම් ගැටලුවක් පෙන්නේ නෑ. නමුත් වසරක් දෙකක් යද්දි මේ ක්‍රමය හොද නෑ කියලා එහෙම කරපු අයට තේරෙනවා. සාමාන්‍යයෙන් විශේෂඥයන් කියන්නේ, 20% හෝ 30% සිට 80%දක්වා අතර පමණක් ආරෝපණය කරන්න කියලා. එක දිගට එක රැයක් ආරෝපණය කරන එකට වඩා, කෙටි ආරෝපණ කීපයක් හොඳයි කියලා තමයි ඔවුන් තවදුරටත් කියන්නේ.‍

මෙවැනි ක්‍රමයක් ස්මාට්ෆෝන් එකකට එන පලවැනි වතාව මේක නෙවෙයි. සෝනි සමාගමත් ඔවුන්ගේ ස්මාට්ෆෝන් වලට Battery Care නැමැති තාක්ෂණය ලබාදුන්නා. එහිදී සිදුවුනේද මේ ක්‍රමයම තමයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: