ඉස්ලාම් අන්තවාදීන් හදන Peace TV නාලිකාව ලංකාවෙන් ඉවතට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාවේ බොහෝ දෙනෙක් සාකීර් නයික් නැමැත් අන්තවාදියාගේ Peace TV හෙවත් සාම නාලිකාව නමින් ගෙනයන අන්තවාදී බීජ වපුරන සැටලයිට් රූපවාහිනී නාලිකාව ගැන කතා කිරීමට පටන් ගත්තේය. විශේෂයෙන් ඉරාජ් ඔහුගේ ෆේස්බුක් ට්විටර් ඇතුලු සමාජ ජාල වලදි මේ සම්බන්ධයෙන් කතිකාවතක් ඇතිකරා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත්, ඩයලොග් ආයතනයත් ඔවුන්ගේ ඩයලොග් ටීවී සහ පියෝ ටිවී සේවාවන් දෙකෙන්ම මෙම අන්තවාදී නාළිකාව කලින් දැනුම් දීමකින් තොරවම, ක්ෂණිකවම ඉවත් කර දැමීමද විශේෂත්වයක්.

ඉන්දියාව, බංගලාදේශය ඇතුලු රටවල් ගණනාවකම මෙම අන්තවාදී නාලිකාව තහනම් කර තිබුනද, ලංකාවේ එය රිසිසේ ක්‍රියාත්මක වුණි. මේ නාළිකාවෙන් කෙරෙන විනාසය ගැන වසර ගණනාවකට පෙර බොදුබල සේනාව ඇතුලු බොහෝ දෙනෙක් අනතුරු ඇඟෙව්වද, අනෙක් කාරණා වගේම මෙයත් ඔවුන් කනකට නොගත්තාය. ලංකාවේ මිනිසුන්ට යමක් තේරෙන්න නම් යමක් සිදුවිය යුතුමය යන්න මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඔප්පු වුණි.

සාකීර් නයික් යනු ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය විසින් අන්තවාදය පැතිරීම සහ කුඩු දරුවන්ගේ මොළ වෙනස්කිරීම ගැන අවශ්‍යව සිටින අයෙකුය. ඔහු ඉන්දියාවෙන් පළා යන්නේ මේ සිදුවීමට කලින්ය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: