• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

ඩිස්ප්ලේ එක විතරක් තිබෙන පෙරලිකාර Mi Mix ස්මාට්ෆෝනය වෙළඳපලට

October 29, 2016
in තාක්ෂණය
0
Share on FacebookShare on Twitter

ෂයෝමි සමාගම පෙරළිකාර දේවල් නිකුත්කරන සමාගමක් බවට පත්වී අවසන්. ඔබට මතක ඇති ඔවුන්ගේ නවතම දුරකථනය වන ෂයෝමි නෝට් 2 දුරකථනය පසුගියදා ලොවට හඳුන්වාදුන්නා. ඒ සමඟම ඔවුන් තවත් දෑ හඳුන්වාදුන්නා කියලා අපි කිව්වා. මේ තියෙන්නේ ඔවුන්ගේ පෙරළිකාර, පුදුම හිතෙනම හඳුන්වාදීම. දුරකථනයේ වටේ ෆ්‍රේම් මුකුත් නැතුව, සම්පූර්ණයෙන්ම ඩිස්ප්ලේ එකකින් ඉදිරිපස ඉඩ වෙන්කරගෙන තිබෙන ෂයෝමි මී මැක්ස් දුරකථනයයි!

ෂයෝමි සමාගම මේ උත්සවයේ අවාසනයේදී ඩිස්ප්ලේ එක විතරක් තිබෙන සංකල්ප දුරකථනයක්(concept phone) ගැන කතා කරද්දි කිසිම කෙනෙක් හිතුවේ නෑ ඒක ඇත්තටම මිළදී ගන්නට පුලුවන් වේවි කියලා. සාමාන්‍ය අඟල් 5.5ක ස්මාට්ෆෝන් එකක ප්‍ර‍මාණයටම අඟල් 6.4ක තිරයක් ඔයාට මේ දුරකථනයෙන් ලැබෙනවා. හරියටම කිව්වොත් අයිෆෝන් 7 ප්ලස් දුරකථනයේ ප්‍ර‍මාණයට සමානයි. හැබැයි අයිෆෝන් එකේ ඩිස්ප්ලේ එකට වඩා අඟලකට ආසන්න ප්‍ර‍මාණයක් ඩිස්ප්ලේ එක වැඩියි. එවගේම දුරකථනයෙන් 91.3%ක් ඩිස්ප්ලේ එක වෙනුවෙන් ඉඩ වෙන් කරලා තිබෙනවා. මෙතෙක් ආපු දුරකථනවලින් උපරිම තිරයක් වෙන් කර තිබුනේ සැම්සුන් ගැලැක්සි ඒජ් දුරකථනයේ. ඒ 76%ක්.

Photo Courtesy : Engadget
Photo Courtesy : Engadget

මීට කලින් දුරකථන දෙකක් මේ විදියට නිකුත් වුනත් ඒවා ඇත්තටම සම්පූර්ණ තිරයක් තිබෙන ඒවා නෙවෙයි(Sharp Aquos Crystal / Oppo). ඒ දෙකම හදලා තිබුනේ ඇස් රවටන්න කිව්වොත් නිවැරදියි. එවගේම මෙතරම් තාක්ෂණයක් ඒවායේ තිබුනෙත් නෑ.

සමාගමේ අන්තර්ජාතික ප්‍ර‍ධානියා වශයෙන් ඉන්න හියුගෝ බාරා මාධ්‍යයට පැවසුවා මේ දුරකථනය ගැන කිසිම ආකාරයක තොරතුරක් පිටතට යන්නට ඔවුන් ඉඩ දුන්නේ නැති බව. කොච්චර ආරක්ෂාකාරීව තොරතුරු තියාගත්තාද කියනවනම් සමාගමේ ප්‍ර‍ධාන විධායක නිළධාරි ලයි ජුන්(Lei Jun) හට presentation එක ලැබුනේද මෙය නිකුත් කරන්නට පෙර ඔවුන් පෙර සූදානම් වෙන අවස්ථාවේදි. දුරකථනය නිර්මාණය කරන්නේ ප්‍ර‍ංශ ජාතික ලෝකප්‍ර‍සිද්ධ නිර්මාණකරුවෙක් වන ෆිලිප් ස්ටාක්(Philippe Starck) සමඟ එකතුවෙලා. හියුගෝ බාරා පවසන පරිදි මෙය 2014 වසරේ ඉඳලා වසර දෙක්ක තිස්සේ සිදුකරන රහස් ව්‍යාපෘතියක ප්‍ර‍තිපලයක්.

දුරකථනය දැක්ක ගමන් ඔයාට බොත්තමක් තියා කෝල් එකක් ගන්න earpiece එකවත් මේ දුරකථනයේ නෑ නේද කියලා පෙනෙන්න ඇති. ඔවු! කෝල් ගන්න earpiece එක සහ ආලෝකයට සංවේදීව ක්‍රියාකරන infrared proximity sensor එකත් මේ දුරකථනයේ ඉවත් කරලා තියෙනවා. එනිසා තමයි මුලු දුරකථනය පුරාම ඩිස්ප්ලේ එක පමණක් තියන්න ඔවුන්ට හැකිවෙලා තිබෙන්නේ. දුරකථනයේ ශබ්දය එන්නේ ඩිස්ප්ලේ එකෙන්. ඔයාට කෝල් එක ආවම කරන්න තියෙන්නේ සාමාන්‍ය දුරකථනයක මෙන් ෆෝන් එක කනේ තියාගන්න එක. එතකොට ඉබේම ඩිස්ප්ලේ එක ඔෆ් වෙලා ඩිස්ප්ලේ එකෙන් කනට ශබ්දය එනවා. සමාගම මේ තාක්ෂණයට කියන්නේ “cantilever piezoelectric ceramic acoustic technology” කියලා.

mi-mix-2016-10-25-1-1
Image courtesy : Engadget

පෙර කිව්වා වගේ දුරකථනය සම්පූර්ණයෙන්ම සෙරමික් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඇඟිලි සලකුණු ස්කෑනරය වටේ සහ කැමරා ලෙන්ස් එක වටේ කැරට් 18 රත්‍ර‍න් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ස්නැප්ඩ්‍රැගන් 821 ප්‍රොසෙසරයක්, ගිගාබයිට් 6ක රැම් මතකයක් සහ ගිගාබයිට් 256ක අභ්‍යන්තර ප්‍ර‍ධාන මතකයක් මේ දුරකථනයේ තිබෙනවා. අවශ්‍ය නම් ඔබට ගිගාබයිට් 4ක රැම් මතකයක් තිබෙන, ගිගාබයිට් 128ක අභ්‍යන්තර ප්‍ර‍ධාන මතකයක් තිබෙන සංස්කරණයද මිළදී ගන්න පුලුවන්. නමුත් ඒ සංස්කරණයේ නම් රත්‍ර‍න් ආලේපිත රවුම් නෑ.

මිලිඇම්ප්අවර් 4,400ක බැටරිය ඉක්මනින් ආරෝපනය සඳහා ක්වාල්කොම් ක්වික් චාජ් 3.0(Qualcomm Quick Charge 3.0) තාක්ෂණය තිබෙනවා.

දුරකථනය අලෙවි වන්නේ නම් චීනයේ පමණයි. නොවැම්බර් මාසයේ පටන් අලෙවි කරන්නට තියෙන මේ අපූරු දුරකථනය, ෂයෝමි සමාගම අඩු ධාරිතාවක් සහිත දුරකථනය ලංකාවේ මුදලින් රුපියල් 76,000කට ආසන්න මුදලකටත්, ගිගාබයිට් 256 රත්‍ර‍න් ආලේපිත දුරකථනය රුපියල් 90,000කට ආසන්න ගණනකටත් විකුණන්න තීරණය කරලා තියෙන්නේ. ලක්ෂ ගණන් වලට අලෙවි වන දුරකථන නිකම්ම දුරකථනයක් විතරක් බවට පත්කරපු මේ අද්විතීය දුරකථය මෙතෙක් ආපු විශිෂ්ඨම දුරකථනය වෙන්න තවත් හේතු තියෙන්නත් ඕනද?

වැඩි විස්තර සහ වීඩියෝ හෙට අනිද්දාම අපේ යූටියුබ් චැනල් එකෙන්.

Xiaomi Mi Mix

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: Galaxy EdgeMi MixMi Note 2xiaomi
Next Post

මයික්‍රොසොෆ්ට් සමාගම Windows 7 සහ 8 විකිනීම නවතාදමයි

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
  • ඇමරිකාව Xiaomi තහනම් කලොත් – මෙන්න සැලසුම

    71 shares
    Share 70 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In