ට්‍රම්ප් පරිපාලනය විසින් ලොව තුන්වැනි විශාලතම ජංගම දුරකතන නිර්මාපකයා වන Xiaomi සමාගම Blacklist කර තිබෙනවා.
චීන කමියුනිස්ට් හමුුුුදා සමාගමක් ලෙස නම් කර තිබෙන ෂයෝමි සමාගම වෙත ඇමරිකානු සමාගම් වලට ආයෝජනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වීම මෙමඟින් සිදුවනවා.
Xiaomi සමාගමට තවමවත් ඔවුන්ගේ නිෂ්පාදනයන් ඇමරිකාව වෙත අපනයනය කිරීම සිදු කල හැකි අතර ඇමරිකානු තාක්ෂණය භාවිතා කරමින් නිපදවන චිප්සෙට් භාවිතා කිරීමේ තහනමක්ද පැනවීමක් දැනට සිදු නොවනු ඇති.
ඒ අනුව මින් ඉදිරියට ඇමරිකානු ආයෝජකයන් හට Xiaomi වෙත ඔවුන්ගේ මුදල් ආයෝජනය කිරීම සිදු කල නොහැකි අතර, සමාගම කොටස් මිලදී ගැනීම පවා වැලකී යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම මේ වන විටත් ඇමරිකානු ආයෝකයන් විසින් Xiaomi සමාගම වෙත ආයෝජනය කර ඇති නම්, එම ආයෝජන එම සමාගම වෙතින් ඉවත් කර ගැනීමට 2021 නොවැම්බර් මස 11 වන දින දක්වා කාලය හිමිවී තිබෙනවා.
මේ වන විට ඇමරිකානු ජනාධිපතිධූරය සඳහා තේරී පත් වී ඇති Joe Bidenගේ ධූර කාලය 2021 ජනවාරි 20 වන දින සිට ආරම්භ වීමට නියමිත අතර ඔහු විසින් මෙම තහනම් නියෝග සියල්ලම ඉවත් කරගනු ඇතැයි ලෝක ආර්ථික විශේෂ්ඥයන් විසින් මත පල කරනවා.
ෂයෝමි සමාගම නිවේදනයක් නිකුත් කරමින් මෙම චෝදනාවට පිළිතුරු දෙමින් කියා සිටියේ, තම සමාගම චීන හමුදාවන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මේ තීරණය සම්බන්ධයෙන් තම ආයෝජකයන් රැකගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත්ය.
Discussion about this post