Xiaomi සමාඟමෙන් වෙළඳපලට එන අලුත්ම ගැජට් පෙළ

ෂියෝමි(Xiaomi) සමාඟමට වසර 5ක් සපිරීම නිමිත්තෙන් ඔවුන් විශේෂ Smart උපකරණ පෙළක්ම ඊයේ එළිදක්වනු ලැබුවා. වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ ලෝකයේම නම රැන්දීමට සමත්වූ ඔවුන්ගේ එකිනෙකට වෙනස් අලුත්ම ගැජට් ගැනයි මේ සඳහන.

Mi TV 2 – 55″

11083668_863772460325015_8211083911494946422_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔවුන්ගේ දෙවැනි ස්මාට් රූපවාහිනිය ඔවුන් මාධ්‍ය වෙත අනාවරණය කලා. අඟල් 55ක තිරයක් සහිත මෙහි විශේෂත්වය වන්නේ එහි මිළ ඇ.ඩො.800ක් පමණ වීමයි. සාමාන්‍යයෙන් මෙවැනි රූපවාහිනියක් මේ මිළ මෙන් දෙතුන් ගුණයකට වඩා වැඩිවේ. මෙහි Display එක Samsung RGB LCD 4K එකකි. 4K MStar 6A928 ප්‍රොසෙසරයකින්ද සමන්විතයි.

 

Wireless Soundbar

10995113_863772586991669_6580112090938517927_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DolbyMS12 සරවුන්ට් සවුන්ඩ් තාක්ෂණයෙන් සමන්විත මේ අලුත්ම පන්නයේ සබ්වුෆරයේ ස්පීකර් 8ක් ඇති අතර, ඔවුන්ගේ රූපවාහිනියට සමගාමීව මෙය ඇලුමිනියම් වලින් නිපදවා ඇත. තවම මෙහි මිළක් පිළිබඳව අපට දැනගන්න ලැබුනේ නම් නෑ.

 

ස්මාට් තරාදිය

 

11081409_863772633658331_8704162190213912458_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තරාදි ගැන දැනගෙන හිටියට ස්මාට් තරාදි දැකලා නෑ නේද? ෂියෝමි සමාඟමේ මේ අලුත්ම පන්නයේ ස්මාට් තරාදියේ මිළ ඇ.ඩො. 15ක් පමණයි. ග්‍රෑම් 50ක් බර මේ පුංචි වැඩකාරයට කිලෝ 5ත් 150ත් අතර බර සීමාවක් මැනගන්න පුලුවන්. අවශ්‍ය නම් කිලෝ වලින් විතරක් නෙවෙයි. රාත්තල් වලින් පවා. ඒවගේම සිරුරේ BMI එක මැනගන්නත් පුලුවන්. ජංගම දුරකථනය හා සම්බන්ධ වෙන්නේ Bluetooth මඟින්. අලංකාර ග්‍රාෆික ඩිස්ප්ලේ එකක් මඟින් බර මෙහි පෙන්වනු ලබනවා.
11102781_863772680324993_2505634783750262813_n (1)

 

 

 

 

 

 

 

 

 

 

Mi Power Strip

11102736_863772723658322_2318066966459499981_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අපි හැමෝටම ඉතාම වටින ගැජට් එකක් තමයි මේ. අලුත්ම පන්නයේ power strip එකක්. සාමාන්‍ය විදුලි උපකරණ සඳහා සොකට් 3ක්, ජංගම උපකරණ ආරෝපණය කරගැනීමට ඇම්පියර් 2.1ක USB පෝට් 3කින් මෙය සමන්විතයි.

 

11102754_863772736991654_2830311122398483424_n

 

 

Tags:

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: