Xiao AI 3.0 නිකුත් කිරීම සහ භූමිකම්පා අනතුරු ඇගවීමේ අංගය

පසුගියදා Bejing නුවර පැවත්වුනු වාර්ෂික Mi Developers හමුවේදී බොහෝ දෙනෙක්ගේ අවධානය ප්‍රධාන කාරණා කිහිපයකට යොමු වුනා. ඒ අනුව එම හමුවේදී Xiaomi ලගේ Digital Assistant එක වන Xiao AI හී නව සංස්කරණයක් Xiao AI 3.0 නමින් ඉදිරිපත් කරනු ලැබුනා. ඒ සමගම ඉදිරියෙදි MIUI operating syatem එක සහිත දුරකථන සදහා එක්වීමට නියමිත භූමිකම්පා අනතුරු ඇගවීමේ අංගයකුත්, 2020 වර්ශයේදි Xiaomi ආයතනය විසින් 5G තාක්ෂණය සහිත දුරකථන මාදිලි 5කුත් නිකුත් කිරිමට නියමිත බව එහිදී වැඩිදුරටත් සදහන් වුනා.

Xiaomi ප්‍රධානි Lei Jun මහතා Mi Developers සමුලුව අතරතුර

Xiaomi ආයතනය පවසන අන්දමට ඉදිරියෙදි MIUI 11 සහිත දුරකථන සහ Smart TV සදහා මෙම භූමිකම්පා අනතුරු ඇගවීමේ අංගය ඇතුළත් කිරිමට නියමිතයි. එමගින් භූමිකම්පාවක් ඇති වීමට තත්පරයත්, තත්පරය 10 කටත් කලින් අනතුරු ඇගවීම සිදු කල හැකි බව Xiaomi ආයතනය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. මෙම අංගය යොදා ගනිමින් මෙම වසරේ සැප්තැම්බර් මස මුල්ම අත් හදා බැලීම කරනු ලැබුනු අතර මෙය Care-Life නැමැති ආයතනයත් සමග අනුබද්ධිතව සිදුකරමින් යන ක්‍රියාවලියකි. දැනට මෙම අංගය භූමිකම්පා බහුල ප්‍රදේශයක් වන Sichuan හී පමණක් ක්‍රියාත්මක අතර ඉදිරියෙදි එය මුලු චීනය සදහාම ලබා දීමට තීරණය කර ඇත. Xiaomi ආයතනය පවසන ආකරයට මෙය අනිකුත් භූමිකම්පා අනතුරු ඇගවීමේ App වලට වඩා කාර්‍යශ්ම බවයි. කෙසේ හෝ මෙම අංගය අනිකුත් රටවල් වලට නිකුත් වන දිනයක් තවමත් ඉදිරිපත් කොට නැත.

මාසයකට මිලියන 49.9 පමණ පිරිසක් භාවිතා කරන Xiaomi Digital Assiatnant හී නව නිකුතුව පිලිබඳත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා. Xiao AI 3.0 නමින් නිකුත් වුනු මෙහි අප කාටත් හුරු පුරුදු ගැහැනු කටහඬ වෙනුවට දැන් අවශ්‍ය නම් පිරිමි කටහඬක් වුවද භාවිතා කිරිමට පුලුවන්. ඒ වගේම පෙරට වඩා හොදින් AI විසින් ස්වභාවික අඛණ්ඩ වාක්‍යන්ද සෑදිය හැකි බවයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: