Whatsapp නැතිවෙන්න යන දුරකථන ටික මෙන්න

Whatsapp සේවාව ලබන 2020 වසරේ පෙබරවාරි 01 දින සිට කල් ඉකුත් වූ මෙහෙයුම් පද්ධති සහිත දුරකථන සදහා තම සේවාවන් නවත්වා දමන බව පසුගියදා Facebook ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. මේ තීරණය ගැනීමට ඉතා අපහසු වූවත් Whatsapp පරිශිලකයින්ගේ ආරක්ෂාව සහ පුද්ගලිකත්වය ආරාක්ෂා කිරීම සදහා මෙම තීරණය ගත් බව තව දුරටත් එම නිවේදනයේ සදහන් වුනා.

ඒ අනුව ඔබ ඇපල් දුරකථන භාවිතා කරන්නෙක් නම් 2014 වසරේ නිකුත් වූ iOS 7 මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන දුරකථනත්, ඔබ ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන භාවිතා කරන්නෙක් නම් Android 2.3.7 (Gingerbread) සංස්කරණය මත ක්‍රියාත්මක දුරකථන වලටත් මෙලෙස Whatsapp සේවාව නවතා දැමීමට තීරණය කොට ඇත.

වැඩි දුරටත් Whatsapp ආයතනය පවසා තිබුනේ පෙබරවාරි මස 01 දිනෙන් පසු ඉහත දුරකථන මාදිලා භාවිතා කරමින් නව Whatsapp ගිණුමක් නිර්මාණය කිරිමට හෝ දැනටමත් ඇති ගිණුමක් නැවත ක්‍රියාත්මක කිරිමට හැකියාවක් නැති බවයි.

මීට පෙර නිවේදනයකින් Whatsapp ආයතනය පවසා සිටියේ මෙම දෙසැම්බර් 31 දිනෙන් පසු Windows මෙහෙයුම් පද්ධති සහිත දුරකථන සදහාත් තම සේවාවන් නවත්වා දැමීමට තීරණය කර ඇති බවයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: