ඇමරිකාව Xiaomi තහනම් කලොත් – මෙන්න සැලසුම

‍මේ වන විටත් හුවාවේ සමාගම දැඩි අර්බුදයකට පත්ව තිබෙන බව ඔබ දන්නවා. ඒ ඇමරිකානු රජය විසින් පණවා තිබෙන දැඩි නීති රීති හේතුවෙන්. බැරිවෙලාවත් එම නීතින් ෂයෝමි සමාගමටත් බලපෑවොත් කුමක් වෙයිද?

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ෂයෝමි සමාගමේ නිෂ්පාදන කළමණාකාරිනී Abi Go මේ පිළිබඳව අදහස් දැක්වුවා.

Xiaomi product manager Abi Go

අපි දැනට මෙම සිද්ධිය පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා. නමුත් මේ මොහොතේ සැලකිය යුතු තරම් අනතුරක් අපට නෑ. අනෙක් අතට, අප ඇමරිකානු සමාගම් වන ක්වාල්කොම් අපේ චිප්සෙට් සඳහාත්, ගූගල් සමාගම අපේ IoT (ඉන්ටනෙට් ඔෆ් තිංස්) සඳහාත් එක්ව වැඩ කරනවා. ‍කෙසේ නමුත්, අනාගතයේ දවසක අපටත් යම්කිසි තහංචි වැටුනොත් කියා, මේ විටත් අප චිප්සෙට් නිෂ්පාදකයන් කීපයකට විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා.

අපේ තරඟකරුවන් ගැන සැලකිලිමත් නොවී අපට හැකි උපරිමයෙන් සිදුකිරිමයි කළ යුත්තේ. තරඟකරුවන් සිටිය යුතුයි. එවිටයි සමාගමක් තමන්ගේ උපරිමය අනෙකාට වඩා හොඳට කරන්න උත්සහ කරන්නේ. අප සිදුකරන්නේ, නිතරම උපරිමය පාරිභෝගිකයාට ලබාදීමටයි.

චිප්සෙට් ආදිය Mediatec වැනි සමාගම් වලින් දුරකථනවලට ඇතුලත් කල හැකියි. නමුත් මෙහෙයුම් පද්ධතිය? ‍මේ වන විටත් හුවාවේ සමාගමේ Harmony OS පිළිබඳව දැවැන්ත කතාබහක් පටන්ගෙන තිබෙනවා. ෂයෝමි සමාගමත් blacklist වුවොත්, Xiaomi සමාගමත් Harmony OS එක තෝරාගත්තොත්, ගූගල් සමාගමට තරඟ කිරීමට සිදුවන්නේ ලෝකයේ ලොකුම සහ වැඩියෙන්ම විකිණෙන ජංගම දුරකථන නිෂ්පාදකයන් දෙපලකගේ එකතුවීමක් සමඟයි.‍‍

තොරතුරු – GizChina වෙතින්

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: