සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන්න පහසු ක්‍රම දෙකක්

‍පවුලේ අයත් එක්ක, එහෙමත් නැත්තම් යාලුවොත් එක්ක ගෙදරක සෙට් උනාම හැමෝම කැමති මොනවා හරි චිත්‍රපටියක් බලන්න. ඒකට ඉතින් හොදම විදිහ තමයි රූපවාහිනීය. හැබැයි රූපවාහිනියෙන් චිත්‍රපටියක් බලද්දි අපිට එන ලොකුම ගැටලුව තමයි සිංහල උපසිරැසි වැඩ කරන්නේ නැති එක. ඉතින් මේ වෙලාවට ගොඩක් අය කරන්නේ බලන චිත්‍රපටියයි, ඒ චිත්‍රපටියට ආදාල උපසිරැසිය එකට එකතු කරලා තනි වීඩීයෝ එකක් කරන එක. හැබැයි මේක ගොඩක් වෙලාව යන වැඩක්. සමහර අවස්ථාවලදි පැය දෙකක් පමණ යන්නත් පුලුවන්. කොහොම හරි අද අපි කතා කරන්න යන්නේ එච්චර වෙලාවක් ඉන්නේ නැතුව, හරිම ඉක්මණින් සිංහල උපසිරැසි එක්ක රූපවාහිනීයෙන් චිත්‍රපටියක් බලන්න පුලුවන් ක්‍රම දෙකක් ගැනයි.

Txt2VobSub‍‍

හැමෝම දන්නවා සමාන්‍යෙන් සිංහල උපසිරැසි ෆයිල් එකක file extension එක වෙන්නේ .srt කියන ෆයිල් වර්ගය. හැබැයි මේ මෘදුකාංගයෙන් වෙන්නේ අන්න ඒ .srt උපසිරැසි ගොනුව sub/idx කියන වර්ගයට එකට පරිවර්තනය කරන එක. මේකේ සිද්ධ වෙන තාක්ෂණික පැත්ත ගැන කෙටියෙන්ම කිව්වොත්, මේකෙන් වෙන්නේ අපේ සිංහල උපසිරැසිය පින්තූරයක් විදිහට පරිවර්තනය කරන එක. මේක .srt වලට කලින් භාවිතා වෙච්ච දෙයක්. මේ ෆයිල් එකක් සමාන්‍යෙයන් ටිකක් ප්‍රමාණයෙන් විශාල හින්දා, අද වෙනකොට මේක භාවිතා වෙන්නෙත් නැති තරම්.

ඉහත සදහන් මෘදුකාංගය බාගෙන පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඊට පස්සේ software එක open කලාම උඩින්ම තියෙනවා “Load Srt, Txt” කියලා button එකක්. ඒක උඩ ක්ලික් කරලා, ඔයාලට අවශ්‍ය සිංහල උපසිරැසිය තෝරලා දෙන්න ඕනේ.

අවශ්‍ය උපිසිරැසිය open කර ගත්තට පස්සේ තමන්ට අවශ්‍ය විදිහට අකුරු වල පාට, විශාලත්වය, උපසිරැසි මොන ස්ථානයේද පෙන්නන්න ඕන වගේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුලුවන්. ඒ හැම දෙයක්ම තමන්ට කැමති විදිහකට වෙනස් කරගත්තට පස්සේ “Generate” button එක උඩ ක්ලික් කරලා පරිවර්තනය පටන් ගන්න පුලුවන්.

තත්පර කිහිපයකින් පසුව ඔබගේ කලින් සිංහල උපසිරැසිය තිබුන තැනම අලුතෙන් තව ෆයිල් දෙකක් හැදිලා ඇති. එකක් .sub ෆයිල් එක, අනිත් එක .idx ෆයිල් එක.

රූපවාහිනියේ මේක නරඹන්න නම්, මේ ෆයිල් දෙකම අවශ්‍ය කරනවා. ඔබ නැරඹිමට යන චිත්‍රපටියේ file name එක මේ අපි හදාගත්ත ෆයිල්ස් දෙකේ නමට සමාන වෙන්න ඕන. ඒ වගේම ඒ ෆයිල් තුනම එකම ෆෝල්ඩරයක් ඇතුලේ තියන්නත් ඕනේ.

MkvToolnix

කුමක් හෝ හේතුවක් නිසා ඉහත ක්‍රමය ඔයාලට වැඩ කලේ නැත්තම්, අනිත් විදිහ තමයි මෙන්න මේ මෘදුකාංගය උත්සහ කරලා බලන එක. අපි මේ මෘදුකාංගය ගැන මීට පෙර ලිපියකින් කතා කලා. ඒ ලිපිය කියවන්න මෙතන ඔබන්න.

‍මෘදුකාංගය පාවිච්චි කරන හැටි පහත වීඩියෝ එකේ තියෙනවා. අපහැදිලි තැනක් තියෙනවා නම් අදහසක් දක්වලා යන්න අපි උදව් කරන්නම්.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: