TikTok හා Twitter සමාජ ජාලා එකතුකිරීමට එම සමාගම් දෙක සාකච්ඡාවක නිරතවූ බව Wall Street Journal සඟරාව පවසනවා. මේ වන විට ජනප්‍රියතම වීඩියෝ sharing සමාජ ජාලයක් වන ටික්ටොක් ඇප්ලිකේෂනය තම රට තුළ තහනම් කිරීමට අමෙරිකාව පසුගියදා පියවර ගනු ලැබුවා. එසේ පියවර ගැනීමත් සමඟ මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ටික්ටොක් හිමිකාරීත්වය ලබාගැනිමට ඔවුන් කටයුතු කරන බව කියා සිටියද, Twitter සමාගම ඒ පිළිබඳව කිසිදු අදහසක් නොදක්වන බව කියා සිටියා.
අගෝස්තු මස 6 වැනිදා ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද නියෝගය ක්‍රියාත්මක වන්නේ දින 45කින් පසුවයි. ඒ වන විට අමෙරිකානු සමාගමකට ටික්ටොක් මෙහෙයුම් ලබාගැනීමට හෝ, ටික්ටොක් සමාගම මිළදී ගැනිමට හැකියාවක් නොලැබුනහොත්, අමෙරිකාව තුළ ටික්ටොක් සම්පූර්ණයෙන්ම ඉවත්වී යනු ඇත.
මයික්‍රොසොෆ්ට් සමාගමට මෙවැනි දැවැන්ත සමාජ ජාලයක් මිළදී ගැනීමට හැකියාව තිබුනද, ට්විටර් සමාගම වෙත එවැනි වත්කමක් නොමැති වීම තවත් ගැටලුවක්. මෙම මිළදී ගැනීම කෙසේ සිදුවේද යන්න තවමත් නිෂ්චිතව කිව නොහැකි වුවත්, ටික්ටොක් තහනම් කර පැනවූ නියෝගය වෙනස් කිරිමට තමන් අමෙරිකානු රජය හා වැඩිදුරටත් සාකච්ඡා කරන බවද ටික්ටොක් හිමිකාරිත්වය දරන ByteDance සමාගම පවසා සිටියා.
Discussion about this post