Twitter තුල අද සිට දේශපාලනික දැන්වීම් තහනම්

Lakshika Gayal
Read Time:1 Minute, 20 Second

මීට සති දෙකකට පමණ ඉහතදී Twitter ආයතනය විසින් නිවේදනයක් සිදු කර පවසා සිටියේ ඉදිරි සති කිහිපය තුල Twitter වෙබ් අඩවිය තුල දේශපාලනික දැන්වීම් පලකිරිමට තිබු නිදහස ඉවත් කරන බවයි. ඒ අනුව අද සිට Twitter තුල දේශපාලනික දැන්වීම් කිසිවක් දර්ශනය කිරීමට අවසරයක් නැත. ‍‍

දේශපාලන පක්ෂ, දේශපාලන තරගකරුවන් හෝ රජයන් පිලිබද කිසිම දැන්වීමක් මින් ඉදිරියට එහි පලකිරිමට නොහැක. තවදුරටත් Twitter ආයතනය පවසා සිටියේ, දේශපාලන ප්‍රවර්ධනයන් මිනිසුන් හරහා මිස මුදල් වලින් සිදු කර වැඩක් නැති බවයි. එහි යම්කිසි සත්‍යතාවයක් ඇති අතර බොහෝ දෙනාට ඒ කියමනත් සමග එකග වෙන්නට සිදු වෙනු බව නොඅනුමානයි.

Twitter ආයතනය විසින් පවසා සිටියේ ඔවුන් දේශපාලන දැන්වීම් (political paid promotions) මිස අනිකුත් දේශපාලන කතිකාවත් ඉවත් නොකරන බවයි. ඕනැම කතිකාවතක් ඇති කිරිමට ඕනෑම අයෙකුට අවසර ඇති අතර මින් ඉදිරියට එයට මුදල් ගෙවා මිනිසුන්ට බලෙන් පෙන්වන්නට නොහැකි බවද තවදුරටත් පවසා සිටියා.

0 0
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Next Post

Cortana ජනවාරියේ සිට වැඩ නවත්වයි

Windows මෙහෙයුම් භාවිතා කරන්නෙක් නම් Cortana කියන නම අහලා පුරුදු ඇති. Cortana කියන්නේ Google Assistant, Siri, Alexa වගේ Microsoft ආයතනය විසින් නිර්මාණය කරපු එයාලගේම Voice Assistant එකක්. Cortana අවුරුදු 4ක් පමණ Android හා IOS දෘඨාංග වලට සහය දැක්වූවත්, ලබන ජනවාරියේ සිට Cortana, Android හා IOS දුරකථන මෙහෙයුම් පද්ධති වලට සහය […]
%d bloggers like this: