චිත්‍රපටි බලන්න අපි හැමෝම කැමතියිනේ. දැන් හැම චිත්‍රපටයක්ම, රූපවාහිනී කතා මාලාවක්ම ටොරන්ට් මඟින් තමයි හැමෝම බාගන්නේ. ඒත් සමහරවෙලාවට ඩවුන්ලෝඩ් වෙන වේගය අඩුවෙන්න පුලුවන් ටොරන්ට් වලදී. එවගේම පැය ගණනට ගෙවන අන්තර්ජාල පැකේජයන් භාවිතා කරන කෙනෙක්ට ටිකක් පාඩු වෙන්නත් පුලුවන් මේ ක්‍රමය. එවගේම ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ක්‍රම තිබුනාත් ඒවා වල ගොඩක් දුරට දෛනිකව හෝ මාසිකව සීමාකිරීම් සිදුකරලා තියෙන්නේ. ඒකට විසඳුම තමයි අපි අද කියන්නේ. සීඩර්. දැනට ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය අන්තර්ජල ටොරන්ට් ක්ලවුඩ් එක. මෙමඟින් ඔයාට ඕනෑම ටොරන්ට් එකක් ක්ෂණයකින් ඩිරෙක්ට් ලින්ක් එකක් විදියට හදාගන්න පුලුවන්. මෙයට සම්බන්ධවන්නට හරිම ලේසියි. ඔබේ ගිණුම හදාගන්න පුලුවන් මෙතැනින් – www.seedr.cc
[wpdevart_youtube playlist=”” width=”640″ height=”385″ autoplay=”0″ theme=”dark” loop_video=”undefined” enable_fullscreen=”1″ show_related=”1″ show_popup=”0″ thumb_popup_width=”213″ thumb_popup_height=”128″ show_title=”1″ show_youtube_icon=”1″ show_annotations=”1″ show_progress_bar_color=”red” autohide_parameters=”1″ set_initial_volume=”false” initial_volume=”100″ disable_keyboard=”0″]rJtE9_kLXRA[/wpdevart_youtube]චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරනවානම් ඔයාට ටොරන්ට් ගොනුවේ ලින්ක් එක, ටොරන්ට් එකේ මැග්නට් ලින්ක් එක හෝ ඔයාට ටොරන්ට් ගොනුවක් අප්ලෝඩ් කරලා දෙන්නත් පුලුවන්. එසේ ඇඩ් කලාට පස්සේ තත්පර කීපයක් යනවා ගොනුව හැදෙන්න. මෙය සමහරවිට ටොරන්ට් එකේ සීඩර්ස්ලා මදිවුනොත් එහෙම මිනිත්තුවක් වගේ ගතවෙන්නත් පුලුවන්. නමුත් පොරොන්දු වෙන්න පුලුවන් මෙය තත්පර 5ක් 10ක් ඇතුලත සිද්දවෙනවා කියලා වෙන ගැටලුවක් නැතිවුනොත්. ඔයාගේ ගිණුමට මේ ටොරන්ට් එක එකතුවුනාම ෆෝල්ඩර් එකේ පෙන්වනවා පරිඝනකයේ වගේම. ඉතින් මේ ෆෝල්ඩර් එක ඇතුලේ ඔයාගේ චිත්‍රපටය තිබෙනවා. එය ක්ලික් කල විට එවෙලේම ඩවුන්ලෝඩ්වීම ඇරඹෙනවා. සාමාන්‍ය නොමිලේ දෙන ගිණුමක ඔයාට ගිගාබයිට් 2ක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයා එකතු කරන උපරිම ටොරන්ට් එකේ ප්‍රමාණය සහ ගිණුමේ තබාගන්න පුලුවන් උපරිම ප්‍රමාණය ගිගාබයිට් දෙකයි. ඊට එයා අවශ්‍ය නම් ඔයාට සල්ලි දීලා මිළදී ගන්න පුලුවන්. එවගේම ඔයාට යාලුවෝ මේකට හඳුන්වලා දීලා වගේම ටිවටර් එකේ පෝස්ට් එකක් දාලා, බ්ලොග් එකේ ලිපියක් ලියලා හෝ යූටියුබ් එකේ රිවීව් එකක් කරලා වැඩිපුර ඉඩ ලබාගන්නත් පුලුවන්.
Discussion about this post