දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සිය යෝජනාවලිය නව ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා පත් කර ඇති විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය සඳහන් කරමින් දෙමළ ජාතික සංධානය දීර්ඝ පැහැදිළි කිරීමකින් යුත් නිවේදනයක් නිකුත් කරමින් මේබව කියා සිටියා
උතුර – නැගෙනහිර දෙමළ බස කථා කරන ජනතාවට වෙනම කලාපයක් හඳුන්වාදීම,එමගින් යෝජනාකර තිබෙනවා
රාජ්‍ය භාෂාවක් ලෙස සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම රට පුරා භාවිත කිරීම වඩාත් නිවැරදි බවයි දෙමළ ජාතික සන්ධානය පෙන්වාදෙන්නේ කලාපීය සභා ඇති කිරීම, එහි අනුමැතිය හා මහ ඇමති නිර්දේශ මත ආණ්ඩුකාරවරයෙකු පත් කිරීම, ඉඩම්, නීතිය හා සාමය, අධ්‍යාපනය, පොලිස් සේවය, බදුකරණය වැනි බලතල කලාපවලට බෙදාදීම ඇතුලුරෑ යෝජනා කිහිපයක් ඊට ඇතුළත්.
බලය බෙදිය යුතු වැදගත් විෂයන් සහ කාර්යයන් පිළිබඳවද එහි සඳහන් කර තිබෙනවා
ඒ අනුව ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ හා එහි මූලික ව්‍යුහය මහජාතිය සහ සුළුජාතීන්ද ඇතුළුව ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික සම්මුතිය පිළිබිඹු කළ යුතු බවද එම යෝජනාවලියේ සදහන්
Discussion about this post