TikTok ලෝකයෙන් තුන් වැනි තැනට

TikTok කියන්නේ Musical.ly app එක මිලට ගැනීමත් සමග ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වුන social network එකක්. SensorTower යන ආයතනයෙන් පසුගිය දිනක සිදුකරන ලද නවතම සමීක්ෂණයකදී 2019 වර්ෂයේදි ක්‍රීඩා නොවන කාණ්ඩයේ වැඩියෙන්ම බාගත කර ඇති යෙදුම ලෙස TikTok වාර්තා අතරට එක් වී ඇත. චීනයේ නිර්මාණය කර ඇති TikTok යෙදුම මේ සමග Facebook සහ Instagaram වැනි දැවැන්තයන්ද පසු කරමින් තුන් වැනි ස්ථානයට පත්ව ඇති අතර තවමත් පලමු සහ දෙවන ස්ථාන වල ඇත්තේ පිලිවෙලින් Whatsapp සහ Messenger යන යෙදුමුයි. කෙසේ නමුත් Whatsapp, Messenger යෙදුම් දෙකම අයත් වන්නේ Facebook සමාගමටයි.

පෙබරවාරි මස වන විට බාගත කිරීම් බිලියනයේ සීමාවට පැමිණි මෙය තවත් මාස 7කින් පමණ බාගත කිරීම් මිලියන 7 පමණ ලබාගෙන මෙසේ තුන්වැනි ස්ථානයට පත්ව ඇත. සුපුරුදු පරිදි 2019 වසරේ TikTok යෙදුම මිලියන 468 පමණ බාගත කර ගනිමින් පලමු ස්ථානයට පැමිනීමට අප අසල්වැසි ඉන්දියාවට හැකි වී ඇත. පිලිවෙලින් චීනය සහ ඇමරිකාව දෙවන තුන්වැනි ස්ථාන වල ඇත.

තවද 2019 වසරේ TikTok ආයතනයේ ආදයම්ද වාර්තා ගත ලෙස ඉහල ගොස් ඇති බව SensorTower ආයතනය වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: