ටේලර් ස්විෆ්ට් ගේ අලුත්ම ගීත ඇල්බමය පසුගිය ජූලි 24 වැනිදා නිකුත්වුනා. folklore(ජනප්‍රවාද) ලෙස නම්කර ඇති මෙම ඇල්බමය ඇයගේ 8 වැනි ගී ඇල්බමයයි.
ගීත 16ක් ඇති මෙම ඇල්බමය නිකුත්කල පළමු දිනයේදීම Spotify තුළදී එම ගීතයන්, මිලියන 80.6 වාරයක් ලොවපුරා ප්‍රේක්ෂකයන් ශ්‍රවණය කර ඇති බව Republic Records ආයතනය කියා සිටියා. එය, මෙතෙක් ඉතිහාසයේ ගායිකාවකගේ ඇල්බමයක් එක දිනක ශ්‍රවණය කල වැඩිම වාර ගණනයි. එවගේම ඇගේ ගීත සියල්ලම පාහේ නිකුත්වුන දිනයේ සිටම Spotify Top chart තුළදී ඉහලින්ම තිබීමද කැපී පෙනෙනවා.
එලෙසම Apple Music තුළදී පළමු දිනයේදී වාර මිලියන 35ක් ශ්‍රවණය කර තිබෙනවා. එය, ඇපල් මියුසික් තුළදී පොප් ඇල්බමයකට දිනකදී ලැබුණු වැඩිම ශ්‍රවණය කිරිම් සංඛ්‍යාවයි.
ඩිජිටල් මියුසික් වගේම, folklore ගීත තැටියට ලැබුණු ප්‍රතිචාරද එලෙසමයි. එය නිකුත් කිරීමෙන් අනතුරුව මේ ලිපිය ලියන අවස්ථාව වන විට පිටපත් මිලියන 1.3ක් විකිණී අවසන්!
cardigan මියුසික් වීඩියෝවට YouTube තුළ මේ ලිපිය ලියන අවස්ථාවේදී views මිලියන 24.5ක් ලැබී තිබෙනවා.
Discussion about this post