චීනයේ නිෂ්පාදිත ඇප්ලිකේෂන්ස් සහ ගේම්ස් ශ්‍රී ලංකාවට තර්ජනයක් වන්නේ නම් ඒ පිළිබඳව නොපමාව කටයුතු කරන බව ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. TRCSL ආයතනය පවසන්නේ, ඔවුන් මේ වන විටත්, ජාත්‍යන්තරය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන විමසිල්ලෙන් පසුවන බවයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති, ඕෂධ සේනානායක මහතා Colombo Gazette වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ, චීන ජංගම දුරකථන යෙදුම් පිළිබඳව අවධානය මේ වන විට යොමුවී තිබුනත්, එය තවම මූලික අවදියේ ඇති බවයි. එලෙසම, ටික්ටොක් ඇතුලු චීන යෙදුම් පිළිබඳව තම ආයතනයට මේ වන විට කිසිම පැමිණිල්ලක් කුමන පාර්ශවයකින්වත් ලැබී නොමැති බවත් ඔහු කියා තිබෙනවා. ලු
කෙසේ වෙතත්, ඇමරිකාව ඉන්දියාව ඇතුලු රටවල් චීන ජංගම දුරකථන යෙදුම් විශාල ප්‍රමාණයක් තම රටවල් තුළ තහනම් කර තිබෙනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමට හැකි ලෙස ඒවා තිබීම තහනම් කිරිමට හේතුව ලෙස ඔවුන් පවසනවා. වෙනත් රටවල් ගන්නා ක්‍රියාමාර්ග එලෙසම ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කල යුතු නොවන බවත්, ලංකාවටද එලෙස බලපෑම් ඇති බව හෙලි වුවහොත් හෝ එවැනි පැමිණිලි ලැබුනහොත්, ඒවා සලකා බලා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ,ඕෂධ සේනාරත්න මහතා තවදුරටත් කියා සිටියා.
Discussion about this post