අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිතයන් 84 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් මාතරින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 42ක්. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 14 දෙනෙකුද වාර්තාවී ඇතැයි බවයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය සඳහන් කළා.
මාතර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවූ ආසාදිතයන්ගෙන් 25 දෙනෙකු අකුරැස්ස කොට්ඨාසයෙන් හමුවී ඇති අතර 07දෙනකු මාලිම්බඩින්ද වැලිගමින් තිදෙනකු ද, දෙදෙනකු මාතර මහ නගර සභා බල ප්‍රදේශයෙන් ද කඹුරුපිටිය, තිහගොඩ, වැලිපිටිය, දෙවිනුවර හාදික්වැල්ල කොට්ඨාස වලින්එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 28දෙනාගෙන් 07 දෙනෙකු බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වන අතර හබරාදුව හා බලපිටිය කොට්ඨාස වලින් ආසාදිතයන් 05දෙනා බැගින් ද අක්මීමනින් 04දෙනකු ද ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 03දෙනකු ද හික්කඩුවෙන් දෙදෙනකු ද බද්දේගම හා රත්ගමින් එක් ආසාදිතයා බැගින් ද හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ලෙන් ආසාදිතයන් 06 දෙනකු හමුවී ඇති අතර වීරකැටියෙන් ආසාදිතයන් 04දෙනකු ද වලස්මුල්ලෙන් ආසාදිතයන් තිදෙනකු ද සූරියවැව කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙකු ද හමුවී තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 960ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 615ක් දක්වා ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 176ක් දක්වා ද ඉහල ගොස් තිබෙන බවයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ.
මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,751දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Discussion about this post