• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

බාලියේ මළවුන්ගේ ලෝකය

April 4, 2020
in දේශීය පුවත්
0
බාලියේ මළවුන්ගේ ලෝකය
Share on FacebookShare on Twitter

ඉන්දුනීසියාවේ “බාලි” නගරය කියන්නේ ලෝකයම දන්න සුප්‍රසිද්ධ සුන්දර තැනක්. කතාවටත් කියනවා බාලිය තියනකන් තමයි පිටරට්ටු ඉන්දුනීසියාවේ සංචාරයට එන්නෙත් කියලා. මෙතරම් බාලිය සංචාරකයෝ අතර ප්‍රසිද්ධ වෙන්න තියන හේතුවක් තමයි බාලි සංස්කෘතියේ විවිධත්වය. බාලි වැසියෝ විශ්වාස කරන දෙයක් තමයි මොන දේ සිද්ධ උනත් තමන්ගේ සංස්කෘතිය ඒ හැමදේටම එකතු වෙන්න ඕනා කියන එක. දරු උපතක්, විවාහයක් වගේම අවමංගල්ලෙකදිත් ඒ සම්ප්‍රදාය ඔවුන් අකුරටම රකිනවා. අනිත් රටවල්වල ප්‍රාදේශීය සිරිත් විරිත් වගේ නෙමේ. ඉන්දුනීසියාවේ බාලි නගරය මනුස්සයෙක් මිය ගියාම කරන චාරිත්‍ර හරිම වෙනස්. ඒ ගැන Iceberg අපි ටිකක් වැඩිපුර අවධානය යොමු කරා.

සාමාන්‍ය ලෙසම බාලි හින්දු සම්ප්‍රදාය අනූව කවුරුහරි කෙනෙක් මිය ගියාම ඔහුගේ හෝ ඇයගේ අවසන් කටයුතු සිදු කරන්නෙ ඥාතීන් විසින්. ඒ කොහොම උනත්, බාලිවල පිහිටා තියන “තෘන්යාන්” (Trunyan) කියන ගම්මානයේ නම් අවමංගල කටයුතු බාලිවල අනිත් ගම්වල සිදුවෙන ආකාරයට නෙමේ වෙන්නේ. බොහෝ අවස්ථාවල තෘන්යාන් ගම්වැසියෝ මියගිය තමන්ගේ ඥාතියාගේ මළ සිරුර ආදාහනය කරනවා වෙනුවට පුළුවන් තරම් කාලයක් තැන්පත් කරලා තියනවා. උණ බම්බුවලින් හදන ප්‍රිස්මාකාර මිනි පෙට්ටියක තමා සිරුර තැන්පත් කරන්නේ. මියගිය තමන්ගේ ඥාතියාගේ සිරුරට පිරිසිඳු ඇඳුම් අන්දවනවා. පණ තියන මිනිස්සුන්ට වගේ ඔවුන්ටත් සළකනවා. ඔවුන් මේ සම්ප්‍රදායට කියන්නෙ “මෙපසා” කියලා.

ඒත් මේ චාරිත්‍ර හැම මළගිය ඇත්තෙක්ටම පොදුවේ කරන දෙයක් නෙමේ කියලත් මතක තියාගත යුතුමයි. මැරුණ පුද්ගලයා සර්ව සම්පූර්ණ අවයව සහිත ශරීරයක් තියන, ස්වභාවික ලෙඩකින් මැරුණ, ඕනෑම වයසක, විවාහක හෝ අවිවාහක කෙනෙක් නම් විතරයි මේ මෙපසා සම්ප්‍රදානුකූලව ඔවුන්ට අවසන් ගෞරවය දක්වන්නේ. මොකද බෝ වෙන රෝගෙකින් මැරුණ, හොඳ කරන්න බැරි තුවාලවලින් මැරුණ, ඝාතණයකින්, හදිසි අනතුරකින් හෝ සියදිවිනසා ගැනීමකින් ශරීර අවයවවලට අප්‍රසන්න විදියේ දැඩි හානියක් වෙලා මැරුණ කෙනෙක් නම් ඔහුව හෝ ඇයව සාමාන්‍ය ලෙසම අදාහනය කරනවා.

ඒත් මේ මෙපසා චාරිත්‍රේ අනූව මැරෙන අයට ඒ චාරිත්‍රේ ඉෂ්ඨ කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මළ සිරුර වැහි වතුරෙන් පිරිසිදු කරලා පොළවේ දිගා කරනවා. පිරිසිදු වස්ත්‍ර වලින් මුහුණ හැර මුළු සිරුරම සරසනවා. “අන්චක් සජි” (ancak saji) ලෙස නම් කරන ඔවුන්ට ආවේණික වුණ උණ බම්බුවලින් සකස් කරන ප්‍රිස්මාකාර කුටියක තමා ඔවුන් මේ මළ සිරුර තැන්පත් කරන්නේ. ඒ කුටියේ සෙන්ටිමීටර 10ත් 20ත් අතර ප්‍රමාණයේ සිදුරක් නිර්මාණය කරලා තියෙන්නේ පොළවේ උස් පහත් බව මළ සිරුර තැන්පත් කරලා තියන විදියට හානියක් නොවෙන්න නිසා.

පුදුම හිතෙන කාරණාව තමා ප්‍රිස්මාකාර කුටියේ තිබ්බත්, නිරූපද්‍රිත පොළවේ තිබ්බත් කවදාවත් මේ තෘන්යාන් මළ සිරුරු කිසිම විදියේ ගඳක් සුවඳක් නිකුත් කරන්නේ නැති එක!! ඒකට හේතුවක් තියනවා. මිය ගිය පුද්ගලයාව ඔවුන් තැන්පත් කරන්නේ “තරූ මෙන්‍යාන්” (taru menyan) කියන ගහ අසළ. ඔවුන් විශ්වාස කරන විදියට නම්, මේ ගහෙන් නිකුත් කරන සුවඳින් පුළුවන් ඒ අවට වාතාශ්‍රයේ තියන ගඳ සුවඳ උදාසීන කරන්න. ඇත්තටම මේ අමුතු වර්ගයේ ගහ දකින්න තියෙන්නෙත් මේ ප්‍රදේශයේ විතරයි කියලා තමයි ආරංචි වෙන්නේ. වෙන ප්‍රදේශවල මේ ගහ පැළ කරන්න උත්සාහ ගත්තත් ඒක අසාර්ථක වෙලා තියනවා. තෘන්යාන් ගම්මානයේ නම හැදෙන්නත් බලපාලා තියෙන්නේ තරූ මෙන්‍යාන් කියන මේ ඒක දේශීය දුර්ලභ ගස් වර්ගයම තමා කියලා ගම්වැසියෝ විශ්වාස කරනවා. සමහරු කියනවා මේ ගහ අසළ තැන්පත් කරන්න පුළුවන් උපරිම මළ සිරුරු සංඛ්‍යාව 11යි කියලා. තවත් සමහරු කියනවා මළ සිරුරු 11කට වඩා එක ගහක් වටේ තැන්පත් කරොත් ඒ ගහෙන් මළ සිරුරුවල ගඳ තවදුරටත් උදාසීන කරන්න අමාරුයි කියලා. තව මළ සිරුරක් ගහ වටේට තැන්පත් කරන්න උනොත් ඒ මළ සිරුරු අතර තියන පරණම සිරුර එතනින් ඉවත් කරලා ඉඩකඩ තියන වෙනත් ගහක් ළඟ තැන්පත් කරන්නේ කවදාහරි ඒ මළගිය ඇත්තාගේ මුතුන්මිත්තන්ගේ සිරුරු ළඟ ඒ සිරුරත් තැන්පත් කරන අදහසින්. කොහොම නමුත් තෘන්යාන් වැසියන් මේ ගහට හුඟක් ගරු කරන්නේ ඒ ගසේ තියන මේ අපූරු විශේෂත්වය නිසාමයි. එය ඔවුන්ගේම පමණක් වෙච්ච උරුමයක්!!

තවත් පුදුම හිතෙන අපූරු කතාවක් තියනවා මේ මළගිය ඇත්තන්ගේ ලෝකයේ…. කිව්වට පුදුම වෙන්නෙපා.. පණ තියන මිනිස්සුන්ට වගේම ඔවුන්ටත් කෑම බීම, පිඟන් කෝප්ප, රෙදිපිළි, තව ඔවුන් ආස කරන දේවල් ඒ අහළ පහළම ඥාතීන් විසින් තියලා යනවා. කවුරුත් මේ දේවල් නැවත එතනින් අරගෙන යන්නේ නෑ. ඒ ඔවුන්ගේ අවමංගල චාරිත්‍රවලම කොටසක්.

තෘන්යාන් වැසියන් මෙපසා චා‍රිත්‍ර ඉෂ්ඨ කරන්න ඔවුන් විසින්ම හදා ගත්තු සොහොන් ගැනයි ඊළඟට කියන්න යන්නේ. මේ සොහොන් ඔවුන් හඳුන්වන්නේ “සෙමා” (sema) කියන නමින්. ඔවුන්ට අනූව මෙපසා සම්ප්‍රදායට අයිති සොහොන් වර්ග 3ක් තියනවා. ඒවා එකිනෙකට වෙනස් වෙන්නේ මියගිය අයගේ වයස, මළ සිරුරේ අංග සම්පූර්ණ බව සහ ආදාහනය කරන නැත්තං පුච්චන ආකාරය අනූව. පළවෙනි සොහොන හඳුන්වන්නේ “සෙමා වයාහ්” (sema wayah) කියලා. එම ස්ථානය තෘන්යානුවන්ට අනූව බෙහෙවින් පූජනීය හා පාරිශුද්ධ තැනක්. ඔවුන් එහෙම කියන්නේ අංගසම්පූර්ණ මෙපසා චාරිත්‍රවලට භාජනය වෙන මළ සිරුරු තැන්පත් කරන්නේ මේ ස්ථානයේ නිසා. දෙවනි වර්ගයේ සොහොනට කියන්නේ “සෙමා මුඩා” (sema muda) කියලා. එම ස්ථානයේ තැන්පත් කරන්නේ කිරිදත් වැටිලා නැති ළදරුවන් සහ අවුරුදු කිහිපයක් වයස දරුවන්. තුන්වෙනි වර්ගය තමයි “සෙමා බන්තාස්” (sema bantas). මෙතන ටිකක් වෙනස්. මේ කියන තැන තැන්පත් කරන්නේ මරණයට මූලික වුණ හේතුව තාමත් හොයාගෙන නැති, සුළු සුළු තුවාල හොඳ වෙලා නැති මළ සිරුරු. ඒ කියන විදියට මියගිය සිරුරු හඳුන්වන්නේ “උලාහ් පති” (ulah pati) සහ “සලහ් පති” (salah pati) කියලා.

තව චාරිත්‍රයක් තියනවා “නබෙන්” (ngaben) කියලා. මොකද්ද මේකෙන් වෙන්නේ කියලත් බලමු. නබෙන් කියන වචනේ තේරුම ගැන බාලි වැසියන් අතර විවිධ අදහස් සහ මතවාද තියනවා. සමහරු කියන්නේ “කඳ” යන අර්ථය දෙන “බෙයා” (beya) කියන වචනෙන් නබෙන් නිර්මාණය උනා කියලා. “ගින්දර” යන අර්ථය දෙන “නබු” (ngabu) කියන වචනෙන් නබෙන් නිර්මාණය උනා කියලත් කියනවා. තවත් කට්ටියක් කියනවා නබෙන් කියන්නේ ගින්දරෙන් පවිත්‍ර කරනවා කියන එකටලු. හින්දු ඇදහීම්වලට අනූව “බ්‍රහ්ම” දෙවියන් (සියල්ලේ නිර්මාණකරු) උපත ලැබුවේද ගින්දරෙන්. එම නිසා ඔවුන් අදහන දේ අනූව ආත්මය තැන්පත් කරගෙන ඉන්න මේ භෞතික ශරීරයේ තියන හැම ජරාවක්ම, හැම කුණක්ම ගින්දරෙන් පුච්චලා දාලා ආත්මය දෙවියන් වෙතට යවන එක සිද්ධ කරන්නේ මේ නෙබන් චාරිත්‍රයෙන්.

මේ චාරිත්‍රේ කරන්නේ අර කලින් කිව්ව සොහොන්වලින් එකකටවත් අයිති නැති මළ සිරුරුවලට. ඒ කියන්නේ කලින් සඳහන් කරා වගේ බෝ වෙන රෝගෙකින් මැරුණ, හොඳ කරන්න බැරි තුවාලවලින් මැරුණ, ඝාතණයකින්, හදිසි අනතුරකින් හෝ සියදිවිනසා ගැනීමකින් ශරීර අවයව වලට අප්‍රසන්න විදියේ දැඩි හානියක් වෙලා මැරුණ අයට ඉෂ්ඨ කරන්නේ මේ නබෙන් කියන චාරිත්‍රේ. මෙතනදි කරන්නේ ඒ වර්ගයේ සිරුරු ආදාහනය කරන එක නැත්තං පුච්චන එක. ඒ චාරිත්‍රේ ඉෂ්ඨ කරන්න කලින් සිරුර තැන්පත් කරන්නේ මනුස්සයෙක් නිදියන ආකාරෙට. ඒ චාරිත්‍රෙන් සංකේතවත් කරන්නේ මියගිය පුද්ගලයාගේ පවුලේ අය සහ ඥාතීන් ඔහු හෝ ඇය නිදියගෙන ඉන්නේ කියලා විශ්වාස කරනවා කියන එක. කිසිවෙකු එම මළවුන්ගේ මරණය ගැන දුක් වෙන්නේවත් කඳුළු සළන්නේවත් නෑ. මොකද කියනවා නම් මිය යාමෙන් පසු නැවත ඉපදීම සහ “මෝක්ෂ” (moksha) ලෙස ඔවුන් හඳුන්වන නැවත ඉපදීමෙන් ඔවුන් සදහටම නිදහස් වෙන තත්ත්වය හෙවත් නිර්වානය නබෙන් චාරිත්‍රය හරහා ඔවුන් තදින්ම විශ්වාස කරනවා. මේ චා‍රිත්‍රෙන් ද කලින් කිව්වා වගේම මළවුන්ගේ ආත්මය ශුද්ධත්වයක් ලබනවා කියලා ඔවුන් අදහනවා.

හින්දු දහමට අනූව ඔවුන් භෞතික ශරීරය සහ අධ්‍යාත්මික ශරීරය කියන දෙකම පිළිගන්නවා. “පංච මහා භූත” කියන වර්ග 5ක ධාතුවලින් (භූමිය, ගින්දර, ජලය, සුළඟ සහ වාතලය) මිනිසාගේ භෞතික ශරීරය හැදිලා තියනවා කියලයි ඔවුන් කියන්නේ. මේ පංච මහා භූතයන්ගෙන් නිර්මාණය වෙන ශරීරය පාලනය කරන්නේ ආත්මය මගින්. කෙනෙකු මරණයට පත් උනාම මිය යන්නේ ශරීරය මිසක් ආත්මය නෙමේ. ඒ නිසා භෞතික ශරීරයෙන් වෙන්වෙන ආත්මය ශුද්ධවත් කරන්න මේ නබෙන් චාරිත්‍රය යොදාගන්නවා කියලා ඔවුන් තවදුරටත් අදහස් දක්වනවා.

බාලි වැසියන්ට අනූව නම් නබෙන් චාරිත්‍රය කියන්නේ ඔවුන් ඉතාමත් සතුටු විය යුතුම අවස්ථාවක්. තවත් අතකට මියගිය තැනැත්තගේ පවුලේ ඥාතීන්ට දුකක් ඇති නොවෙන්නයි ඒ සතුටු වීම ඔවුන් සමරන්නේ. තවත් විදියකට නම් මියගිය තැනැත්තා වෙනුවෙන් අඬන එක ඒ තැනැත්තාගේ නිර්වාන ගමනට කරන බාධාවක් කියලත් ඔවුන් කියනවා.

නබෙන් චාරිත්‍රය කරන දවස තීරණය කරන්නේ ගමේ ඉන්න දන්න කියන වැඩිහිටියෝ අදාළ මියගිය පුද්ගලයාගේ ඥාතීන් එක්ක එකතුවෙලා. සිරුර කළින් සඳහන් කරපු විදියට තැන්පත් කරන්නේ ලෑලි පෙට්ටියක. ඒ ලෑලි පෙට්ටියත් නැවත තැන්පත් කරනවා ගවයෙක්ගේ හැඩේට ගලකින් හදපු මිනිපෙට්ටියක නැත්තං විහාරයක හැඩේට කඩදාසි සහ ලීවලින් හදපු පෙට්ටියක. කොහොමහරි මේ විදි දෙකෙන් ගමේ වැඩිහිටියෝ සහ ඥාතීන් තීරණය කරලා හදපු පෙට්ටිය මළ සිරුර ආදාහනය කරන තැනට අරගෙන එන්නේ පෙරහැරකින්. පෙරහැර යන ගමන් මාර්ගය කිසිම වෙලාවක කෙළින් පාරකින් අරං යන්නේ නෑ. හේතුව විදියට ඔවුන් කියන්නේ මළ සිරුරට ඇදෙන නපුරු බලවේග මග හරින්න ඕන නිසා කියලයි. නබෙන් චාරිත්‍රයේ විශේෂම අවස්ථාව තමා මළ සිරුර අදාළ විදියට හදපු පෙට්ටියේ කළින් සඳහන් කරපු විදියට තැන්පත් කරලා ආදාහනය නැත්තං පුච්චන එක. මේ චාරිත්‍රේ කරන්න සැළකිය යුතු ලොකු වෙලාවක් කාලයක් යනවා මේ කියන විදියට. මියගියේ උසස් කුලයක කෙනෙක් නම්, මේ චාරිත්‍ර ටික කරන්න දවස් 3ක් විතර ඔවුන් ගන්නවා. මියගියේ පහළ කුලයක කෙනෙක් නම්, මුලින්ම ඔවුන්ව තැන්පත් කරලා පසුව නබෙන් චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිද්ධ කරනවා.

මේක කියවලා ඉවර වෙනකොට ඔබට හිතෙන්න පුළුවන් මේක ටිකක් පිළිකුල් නැත්තං බය හිතෙන සංස්කෘතියක් කියලා. මොකද කියනවා නම් මේ චාරිත්‍ර වාරිත්‍ර අපිට ටිකක් නුහුරු නිසා. ඒ කොහොම උනත් Iceberg අපේ අදහස නම් කිසිම සංස්කෘතියක් බාල්දු කරන්න, හෑල්ලු කරන්න, නෝන්ඩි කරන්න හොඳ නෑ කියන එක. සියලු සංස්කෘතීන් ගොඩ නැගෙන්නේ තම තමා ජීවත් වෙන පරිසරයේ විදියට සහ මිනිස්සුන්ගේ ආකල්ප, විශ්වාස සහ ඇදහිලිවල විදියට කියන එක අපි විශ්වාස කරනවා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
හොඳම Unlimited YouTube පැකේජ් එක?

හොඳම Unlimited YouTube පැකේජ් එක?

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In