තමන්ට කොරෝනා ආසාදනය වේ යැයි බියෙන් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගත් කාන්තාවක් පිළිබඳව වත්තල ප්‍රදේශයෙන් වාර්තාවනවා.
අදාළ කාන්තාව තමන්ට කොරෝනා වැළඳීමෙන් අනතුරුව තම දරුවන්ටද වෛරසය ආසාදනය විය හැකිබව පවසමින් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වත්තල හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදෙශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
මියයනවිට ඇය 73 හැවිරිදි වියේ පසුවූ අතර ඇය පස්දරු මවක්.
පසුගියදිනක රාත්‍රියේ එක්වරම නිවසින් එළියට ගොස් ඉටිපන්දමක් ආධාරයෙන් මෙලෙස සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.
Discussion about this post