අනුරාධපුර – දේවානම්පියතිස්සපුර ග්‍රාම නිලධාරී වසමේ 295 – ඒ කොටස හුදකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
කන්තලේ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට සහ ඔහුගේ පන්තියකට සහභාගි වූ සිසුවෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කිහිපයක ළමයින් 200කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායන සදහා යොමු කර තිබෙනවා.
මේ අතර හැටන් – බොස්කො විද්‍යාලයේ සිසුවෙකුට ද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් ළමයින් 37 දෙනෙකු, ගුරුවරුන් 14 දෙනෙකු ඇතුළු පිරිසක් නිරෝධායනය සදහා යොමු කෙරුණා.
කොරෝනා ආසාදිතව මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ මරණ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් මාළිගාවත්ත ප්‍රදේශයේ පිරිසක් අද නිහඩ විරෝධතාවක නිරත වුණා.
Discussion about this post