මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සවුදි අරාබියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 2,400 දෙනකු පමණ මෙරටට ගෙන්වා ගැනීමට සමත්ව තිබේ.
තවත් 1,800 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සවුදි අරාබියේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මධුක වික්‍රමාරච්චි මහතා පවසයි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන්, ශිෂ්‍යයන්, වැඩිහිටියන් වැනි කණ්ඩායම් සඳහා ප්‍රමුඛත්වය දෙන බව පවසන ඒ මහතා රෝගී තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට පැමිණෙන තුරු නවාතැන් පහසුකම් සපයාදීමට ද තානාපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන බව කියා සිටී.
බොහෝ පිරිසකට රජයේ නිරෝධායන පහසුකම් ලැබෙන තෙක් රැඳී සිටීමට සිදුව තිබෙන අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන් පිරිසකට යළි රැකියා අවස්ථා ලැබී තිබෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. රැකියා අහිමිවූවන් අතර බොහෝ පිරිස් වේටර්වරුන්, ඉදිකිරීම් සහායකයන් වැනි වෘත්තීන්හි නියළෙන්නෝය.
මහින්ද අලුත්ගෙදර
Discussion about this post