සැම්සුන් නෝට් 7 දුරකථන නිෂ්පාදනය නවත්වාදමයි – Update

{:lk}මේ දිනවල ජංගම දුරකථන ලෝකයේ නෝට් 7 එක හැර කතා කරන්න වෙන දුරකථනයක් නැති තරම්. අලුතින් නිකුත්කරපු ගූගල් පික්සල් දුරකථනය සහ අයිෆෝන් 7 දුරකථනවලට වෙබ් අඩවි වල රූපවාහිනී වල තිබෙන ඉඩත් නැතිකරමින් නැවත වතාවක් කරලියට එන්න සැම්සුන් සමාගමට හැකියාව ලැබුනා. ඔබට මතක ඇති නෝට් 7 දුරකථන සියල්ලම නැවත ගෙන්වා ඒ වෙනුවට අලුත් දුරකථන නිකුත් කරන්නට සැම්සුන් සමාගම කටයුතු කරපු බව. ඉතින් මේ දුරකථනවලත් ඇතැම් දෝෂ වාර්ථා වුන බවත් අපි ඔබට කිව්වා.

ඒ දෝෂ විතරක් නෙවෙයි. පසුව ඒ අලුතෙන් ලබාදුන් දුරකථනත් එක පිට එක පුපුරායන්නට වුනා. ඉතින් සැම්සුන් සමාගම කබලෙන් ලිපට වැටුනා කියන එකත් හොඳ වැඩි වෙනවා. ඔවුන් නෝට් 7 දුරකථනය නිෂ්පාදනයත් තාවකාලිකව නවතා දමන්නට කටයුතු කරලා. දකුණු කොරියානු මාධ්‍ය මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

samsung-note-7

Photograph: Edgar Su/Reuters

Yonhap පුවත් සේවය පවසන පරිදි සඳුදා දිනයේ සිට දුරකථන නිෂ්පාදනය නවතා දමා තිබෙනවා. හිතුවාටත් වඩා දරුණු දේකට සැම්සුන් සමාගම මේ වන විට මුහුණ දී තිබෙනවා. සැම්සුන් සමාගම මුල් වරට විකිණූ මිලියන 2.5ක දුරකථන සියල්ල නැවත ගෙන්වාගැනීමට මගින් බිලියන ගණනක පාඩුවක් ලැබුවා. ඉතින් මෙවතාවේ තත්වය තවත් දරුණු තත්වයකට පත්වී තිබෙන්නේ.

නිෂ්පාදනය නවත්වාදමන්නට පෙර ඇමරිකාවේ දුරකථන සමාගම් සියල්ලමත් නෝට් 7 විකිණීම නතර කලා. එවගේම පරණ දුරකථන අලුත් නෝට් 7 එකට හුවමාරු කිරීමත් ඔවුන් නවත්වාදමා තිබෙනවා. ඒ අලුත් දුරකථනවලත් දුම් නැගීම් සහ පුපුරායාම් ඇමරිකාවේදී වාර්ථාවීමත් සමඟ. සැම්සුන් සමාගමේ වියට්නාම් නිෂ්පාදනාගාරයේ දෝෂයක් මෙයට හේතුව බව යොන්හැප් පුවත් සේවය තවදුරටත් පැවසුවා. නමුත් තවම නිළ වශයෙන් සමාගම කිසිවක් ප්‍ර‍කාශ කර නෑ.

1960 සිට ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයේ නමක් රන්දාගෙන සිටි සැම්සුන් සමාගමේ මේ සිද්ධීන් දාමය ඔවුන්ගේ නාමයට මෙන්ම වෙළඳපලටද ලොකු පහරක්. මෙවැනි දෙයක් ඉතිහාසයේ කවර සමාගමකටවත් සිදුවී තිබුනේ නෑ.

UPDATE – 2016/10/11 ප.ව.11.30

මේ වන විට සැම්සුන් සමාගම නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නෝට් 7 දුරකථන හිමිකරුවන්ට තම දුරකථන සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කර දමන ලෙසයි. එවගේම ලොවපුරා සියලුම නෝට් 7 විකිනීමද නතර කිරීමට සමාගම තීරණය කර තිබෙනවා. එවගේම විකුණන ආයතන සහ ජංගම දුරකථන ජාලයන් වෙතටද කියා ඇත්තේ විකිණීම සහ සියලුම මාරුකිරීම් නතර කර දමන ලෙසයි.

අගෝස්තු මාසයේ නෝට් 7 නිළ වශයෙන් ලෝකයට හඳුන්වාදී වෙළඳපලට නිකුත්කිරීමෙන් අනතුරුව වැඩි දිනයක් යන්න කලින් දුරකථන එක දෙක පුපුරායාම් වලට ගිනි ගැනීම් වලට ලක්වුනා. එවගේම අවස්ථා ගණනාවකදීම හිමිකරුවන්ට දැඩි ලෙස තුවාලද ගෙන දුන්නා. දුරකථන 35ක් පුපුරායාමෙන් අනතුරුව සමාගම තීරණය කලා ලොව පුරා සියලුම දුරකථන ගෙන්වාගන්නට. මෙවට සියලුම දුරකථන වලට සමාගම සිදුකරන දේ පිලිබඳව නම් දැනුම්දීලා නෑ තාම.

එවගේම මේ සිද්දි දාමය නිසා සැම්සුන් සමාගමේ නාමයට දැඩි පහරක් එල්ලවී තිබෙනවා. ඔවුන්ගේ වෙළඳපල වටිනාකම මේ වන විට ශීඝ්‍රයෙන් බැසයමින් පවතිනවා. අද වන විට වටිනාකමින් ඇ.ඩො.බි.17ක් සමාගමට අහිමිවී තිබෙනවා. මේ වන විට සමාගම පිළිබඳව පාරිභෝගිකයන් තුළ මෙන්ම ඇමරිකානු ජංගම දුරකථන ජාල තුල ඇත්තේ නම් හොඳක් නොවෙයි.

Smasung market value drop

 {:}{:en}Samsung is in a deep horrible situation now. Because, we reported earlier that the things with Note 7 isn’t going fine. Galaxy Note 7 from Samsung started to get explode. Then the company decide to do a global recall and the loss is for the company is in USD Billions.

The crisis not stopped there. The exchanged, new units also reported to have the same issue like the old units. They started to explode themselves hurting the owners and taking the media eyes.

And now in the worst possible way, the Korean firm decide to stop manufacturing the Note 7. South Korean news agency Yonhap conformed this news. Samsung halts the production since from Monday.

 

samsung-note-7

Photograph: Edgar Su/Reuters

In USA, the situation is worse. Carriers like AT&T and TMobile even stopped exchanging new units for the old once. And yes they stopped selling too after recent reports of replacement devices catching fire.

Yonhap says that this is due to a production problem in the Vietnam Samsung plant. That’s where all Note 7 are made. But Samsung is yet to conform this news.

A company which have a name for quality goods since 1960, a problem like this is a huge loss for their name and also for their profits. No such thing happened to any company in the written history.

UPDATE – 2016/10/11 ප.ව.11.30

Samsung released an official statement saying that they permanently stopped the production and selling the Galaxy Note 7. They also informed the resellers and carriers to stop exchanging or selling the units. And for the customers, the Korean firm informed to turn off all the devices permanently.

Galaxy Note 7 was announced in last August and few days after the release, several devices reported catching fire and explosions. And after 35 incidents, the company made a global recall of all Note 7s. And this time, they didn’t mentioned what they are going to do with the current devices.

And with this incidents, the market value of Samsung drops lightning speed. And in this moment, the value is more than 17 billion dollars! The customers and Carriers in USA is not happy about how Samsung.

Smasung market value drop{:}

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: