පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (05) පාර්ලිමේන්තුව ආරම්භයේදී දිව්රුම් දුන්නා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛණයේ අත්සන් තැබූ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රීධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත් කළා.
ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 දී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පූජ්‍ය රතන හිමියෝ 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 07 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරි පත්වූ අතර 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කල පූජ්‍ය රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරටයි.
Discussion about this post