පෙබරවාරි මාසයේ සිට අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලකට ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා.
එහිදී සහල්, පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ළුෑණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මෙසේ ස්ථාවර මිලකට ලබාදීමට නියමිත බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.
මේ මස අගදී පුවත්පත් දැන්වීමක් පළ කර එම ආහාර සඳහා දේශීය නිශ්පාදකයන්ගෙන් හා සෘජු ආනයනකරුවන්ගේ සැපයුම් මිළ ගණන් කැඳවීමෙන් පසු මෙම වැඩසටහන ක්‍රියාත්මක ක්‍රියාත්මක කරණු ඇති.
අවම මිල ගණන් යටතේ ලබා ගන්නා එම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස, සමූපාකාර හා කිව් ෂොප් හරහා පාරිභෝගිකයන්ට ලබාදෙන බවද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
මෙම වැඩසටහන පෙබරවාරි සිට ජුනි දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි
Discussion about this post