ප්ලේබෝයි සඟරාව ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් දුරකථන වලටත්

ප්ලේබෝයි සඟරාව යනු මීට වසර ගණනාවකට පෙර බොහෝ දෙනෙක් භාවිතා කල සඟරාවක්. සරාගී සහ නිල් චිත්‍ර‍පට අන්තර්ජාලයේ නැරඹීමට හැකිවීමත් සමඟ ප්ලේබෝයි සඟරාවට තිබූ තැන නැතිවී ගියා. පසුව ඔවුන් නිරුවත් පින්තූරද සඟරාවෙන් ඉවත් කර තිබුනේ එය තේරුමක් නොමැති දෙයක් බව ඔවුන්ටම තෙරුන නිසාවෙන්. ප්ලේබෝයි සමාගම බදාදා නිවේදනය කලේ ප්ලේබෝයි සඟරාව අයිටියුන්ස් සහ ගූගල් ප්ලේ ස්ටෝ මඟින් ලබාගැනීමටද පුලුවන්කම ලැබෙන බවයි. එයට හේතුව අලුත් තරුණ පරපුර බොහෝවිට කටයුතු කරන්නේ ජංගම දුරකථනය සමඟ වීමත්, සඟරාව අලුත් පරපුරේ ජනප්‍රිය නොවීමත්.

අයිටියුන්ස් සහ ගූගල් ප්ලේ සමඟ එක්වීම අප සමාගයේ ඓතිහාසික සන්ධිස්ථානයක්. අපි දැන් පටන් අලුත් පරපුර සමඟක් එක්වී කටයුතු කරනවා. එවගේම සඟරාව මුද්‍රිතව ලබාගැනීමට නොහැකි රටවල් රැසකට සඟරාව ඩිජිටල් ආකාරයෙන් කියවන්නට මෙමඟින් අවස්ථාව සැලසෙනවා.
මූල්‍ය සහ මෙහෙයුම් පිළිබඳ ප්‍ර‍ධාන නිළධාරී ඩේවිඩ් ඉස්රයල් පැවසිය.

එක සඟරාවක් මිළදී ගන්නවානම් ඩොලර් 5.99ක්(රුපියල් 900) වන අතර වසරක සාමාජිකත්වය ගත්තොත් ඒ සඳහා වියදම් වන්නේ ඩොලර් 17.99ක්(රුපියල් 2,700ක්) පමණි. පෙර කීවාක් මෙන් ප්ලේබෝයි සමාගම නිරුවත් දර්ශන තමන්ගේ සඟරාවලින් ඉවත් කර, වෙබ් අඩවිය අලුත් කර ලෝකයට නිකුත්කිරිමත් සමඟ සඟරාව කියවන සාමාන්‍ය පුද්ගලයෙකුගේ වයස අවුරුදු 47 සිට 30.5 දක්වා අඩුවී තිබෙනවා. මසකට වෙබ් අඩවියට පිවිසි මිලියන 4ක් වූ පරිශීලකයන් ගණන මිලියන 20ක් බවට පත්වී තිබෙනවා.

ප්ලෝබොයි සඟරා 1975 දී මසකට මිලියන 5.6ක් විකිණී තිබෙන අතර, එය 2014 අගබාගය වන විට ලක්ෂ අටකට අඩුවී තිබෙනවා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Next Post

Discussion about this post

Recommended

Welcome Back!

Login to your account below

Create New Account!

Fill the forms bellow to register

Retrieve your password

Please enter your username or email address to reset your password.