පසුගිය 20 වන දා සිදු වූ පස්සර බස් අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගිය අතර තම මව සහ පියා දෙදෙනා ම එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් තනි වූ දරුවන් තිදෙනෙකු පිළිබඳ පුවතක් වාර්තා විය.
ලුණුගල ප්‍රදේශයේ පදිංචි එම දරුවන් තිදෙනා දෙමාපියන්ගේ වියෝවෙන් පසු ඔවුන්ගේ මිත්තණිය සමග ජීවත් වූ අතර එම දරුවන් රැක බලා ගැනීමට වෛද්‍යවරයෙකු ඉදිරිපත් වී තිබේ.
මෙලෙස දරුවන් තිදෙනා රැක බලා ගැනීමට ඉදිරිපත්ව ඇත්තේ අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා ය.
ඒ මහතා තමන් එම දරුවන් තිදෙනා රැකබලා ගැනීමට කැමති බව පවසා දරුවන් ලබා ගැනීමට පස්සර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව, වෛද්‍ය වජිර රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පිළිබඳව පස්සර පොලිසිය අධිකරණය වෙත දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Discussion about this post