පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු කොවිඞ් 19 ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරුන්ගේ ආශ්‍රිතයින් 21 දෙනෙකු මෙලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.
රවුෆ් හකීම් සහ කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරුන් පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තුරු සිදුකළ සීසීටීවී දර්ශන මඟින් මෙම ආශ්‍රිතයින් හඳුනාගෙන තිබෙනවා.
කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර කුමාරසිරි හෙට්ටිගේ මහතා පසුගිය 08 වන දා පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.
ඔවුන් දෙදෙනාගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු සභානායක කාර්යමණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුද හඳුනාගෙන ඇති බවයි වේත්ත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
ඔවුන් සියලුදෙනාට ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
පාර්ලිමේන්තුව මේවන විට විෂබීජහරණයට ලක් කර ඇති අතර එහි කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.
Discussion about this post