පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන්ගේ ආශ්‍රිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 10 දෙනෙක් හඳුනාගැනීමත් සමඟයි.
එම මන්ත්‍රීවරුන් සියලු දෙනාට ම සහ අදාළ අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ඔහු පැවසුවේ, වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී දින 4ම පාර්ලිමේන්තුවට පැමිණ තිබූ බවයි.
මේ අතර ලබන 13 සහ 15 යන දිනවලදී පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා පාර්ලිමේන්තුවේ සියලුම නිළධාරීන්ට පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද එම පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
Discussion about this post