කැමරා 6ක් එක්ක එන OnePlus 8 ඩිසයින් එක මෙන්න!

ස්මාට්ෆෝන් ලෝකයේ OnePlus ගැන ගොඩාක් අය උනන්දුවෙනවා. ඒකට හේතුව අඩු මිළකට වඩා හොඳ හාඩ්වෙයා සහ pure Android අත්දැකීම ගන්නට හැකිවීම. ඉතින් මෙම දුරකථන පෙලේ එළිදකින්නට තිබෙන අලුත්ම සංස්කරණය වන්නේ OnePlus 8(වන් ප්ලස් 8).

TrueTech වෙබ් අඩවිය විසින් වන්ප්ලස් 8 හි නිළධාරීන්ට ලැබෙන ලිපිගොනු කීපයක් අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. මේ මගින් අලුතෙන් පැමිණෙන දුරකථනයේ ඩිසයින් එක සහ ඇතැම් විශේෂාංග ගණනාවක් එළිදරව් වෙනවා.

පුධාන වශයෙන්, පිටුපස කැමරා 4ක් ඔවුන් මෙවර යොදාගෙන තිබෙනවා. බොහෝවිට මෙය ultra-wide, telephoto, macro සහ 64MP හෝ ඊට වඩා මෙගාපික්සල් ගණනකින් යුතු ප්‍රධාන කැමරාවකින් තිබෙන්නට පුලුවන්

ඉදිරිපස ගත්තොත්, pop-up කැමරා වෙනුවට ඔවුන් මෙවට punch-hole කැමරා ආකාරය යොදාගෙන තිබීමත් විශේෂත්වයක්. වන් ප්ලස් 8 හි තනි සෙල්ෆි කැමරාවක්ද, ප්‍රෝ සංස්කරණයේදි කැමරා දෙකක්ද ඔවුන් යොදාගැනීමට නියමිතයි. එමෙන්ම එහිදී ඔවුන් ToF සංවේදකයක්ද ඇතුලත් කිරීම කැපී පෙනෙනවා.

ඇන්ටනාද දෙපැත්තේ වෙනුවට, උඩ සහ යටට ඇතුලත් කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: