බොහෝ දෙනෙක් පිටරට තම නෑදෑ හිත මිතුරන් අමතන්න භාවිතා කරන්නේ ස්කයිප් සේවයයි. ලොව පුරාම වැඩියෙන්ම ජනප්‍රිය, සෑම කෙනෙක්ම පාහේ දන්නා මේ සේවාව භාවිතා කරන්නට ගිණුමක් තිබීම අනිවාර්ය කරුණක් වුනා. පරිඝනක දැනුම හෝ ජංගම දුරකථන මඟින් ගිණුමක් සාදාගන්නට නොතේරුන බොහෝ දෙනෙක් එනිසා තවත් අයෙකු මාර්ගයෙන් ගිණුමක් තනාගෙන අන්තර්ජාලය හරහා ඇමතුවා. නමුත් ඒ කාලය දැන් අවසන්.
මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ මාධ්‍යයට දැනුම් දුන්නේ තවදුරටත් ස්කයිප් භාවිතා කිරීමට ගිණුමක් අවශ්‍ය නොවන බවයි. අද පටන් ඕනෑම කෙනෙකුට ගිණුමට ඇතුල්වීමෙන් තොරව(Sign In) ස්කයිප් භාවිතා කරන්නට පුලුවන්. මෙය වැඩ කරන්නේ www.skype.com වෙතට ගොස් අන්තර්ජාලයෙන් ස්කයිප් සේවය භාවිතා කරනවනම්.

වෙබ් අඩවියට පිවිසුනු පසු Start a conversation නැමති අලුත් අංගයක් දක්නට පුලුවන්. එය ක්ලික් කල විට ඔබේ නම ඇතුලත් කරන්නට සිදුවෙනවා. ඉන්පසු ඔබට ස්කයිප් මඟින් link එකක් ලබාදෙනවා. එය කොපි කර, ඔබට අවශ්‍ය පුද්ගලයාට යවන්නට පුලුවන්. ඔහු හෝ ඇය ඒ ලින්ක් එක ක්ලික් කල විට සාමාන්‍ය පරිදිම ස්කයිප් චැට් එකක් හෝ කෝල් එකක් හෝ වීඩියෝ කෝල් එකක් ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
[wpdevart_youtube]j7SxypblIlw[/wpdevart_youtube]
Discussion about this post