Nexus අවසන් – Google නාමය යටතේ දුරකථන ළඟදීම

ගූගල් කියන්නේ නොදන්න සමාගමක් නෙවෙයි. දැන් කාලේ නම් පොඩි ළමයෙක් වුනත් දන්නවා. ගූගල් දුරකථනයක් කිව්වම ඔයාගේ ඔලුවට එන්න ඇති ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ගැන. නමුත් වැරදියි. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ගූගල් සමාගමට අයත් මෙහෙයුම් පද්ධතියක් විතරයිනේ. අද අපි කියන්න යන්නේ “Google” නාමයෙන්ම එන්න තියෙන දුරකථනයක් ගැන.

Google Sailfish

Google Sailfish දුරකථනයේ leak වූ ඡායාරූපය

දැනටමත් ගූගල් සමාගම යටතේ පිරිසිදු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මාදිලි දෙකක් වන නෙක්සස් සහ ඇන්ඩ්‍රොයිඩ් වන් නිකුත් කරනවා. ඒත් Nexus සහ Android One නාමයන් අනෙකුත් දුරකථන හා තරඟයක් දීමට ප්‍ර‍මාණවත් නොවන බව ගූගල් සමාගමට තේරිලා. වසර ගණනක් තිස්සේ ඔවුන් මේ ගැන අධ්‍යනය කර තමන්ගේ අඩුපාඩු සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් තේරුම්ගෙන නවතම දුරකථන දෙකක් නිකුත් කිරීමට යන බව අන්තර්ජාතික ආරංචිමාර්ග පවසනවා. මේ වන විටත් එම දුරකථනයන්වල leak වූ ඡායාරූප අන්තර්ජාලයේ වෙබ් අඩවි පුරාම සැරිසරනවා. අප මේ පෙන්වා තිබෙන්නේ Google Sailfish(කේත නාමය) දුරකථනයේ ඡායාරූපයකි. අනෙක් දුරකථනය වන්නේ Google Marlinය(කේත නාමය).

සේල්ෆිෂ් දුරකථනය අඟල් 5ක් වන අතර මාලින් දුරකථනයේ තිරය අඟල් 5.5ක් වන බවයි ඔවුන් පවසන්නේ. සම්පූර්ණයෙන්ම ලෝහ මිශ්‍රිතව දුරකථනය නිකුත්වන බවට ඡායාරූපයෙන්ම ඔබට පැහැදිලි වනවා ඇති.

පෙර අපි සඳහන් කලා වගේ දුරකථනය Nexus නාමයෙන් ඉවත් කර ඒ වෙනුවට Google ලාංඡනය සහිතව එළිදක්වන්නයි කටයුතු කරන්න යන්නේ. එවගේම මේ දුරකථන දෙකම HTC සමාගමත් එක්ක එකතුවෙලා නිපදවන්නයි ගූගල් සමාගම කටයුතු කරලා තියෙන්නේ.

මේ දුරකථනයය ඇමරිකාව ඇතුලු යුරෝපා රටවලට වගේම, ඉන්දියාවටත් නිළ වශයෙන් මුලින්ම නිකුත්කරන්න ඉඩ තිබෙනවා. චීනයෙන් පස්සේ ලොකුම දුරකථන පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ඉන්නේ ඉන්දියාවේ. එවගේම 2020 වන විට චීනයට වඩා වැඩි දුරකථන ඉල්ලුමක් තිබෙන රට බවට ඉන්දියාව පත්වන බවත් අනාවැකි පලකරනවා. එ නිසා ජංගම දුරකථන නිෂ්පාදකයන් සෑම කෙනෙක්ම පාහේ මේ වන විට ඉන්දියාවට වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. Android One දුරකථනද ලංකාව වෙනුවෙන් නිළ වශයෙන් ගූගල් සමාගම නිකුත් කලා.  එවගේම මේ දුරකථනයත් එනිසාම ලංකාවට නිළ වශයෙන් ඒමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ වෙලඳ නියෝජිතයෙකු හා සම්බන්ධවී මෙය වන්නට බොහෝවිට ඉඩ තියෙනවා.

2 Replies to “Nexus අවසන් – Google නාමය යටතේ දුරකථන ළඟදීම”

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: