Microsoft සමාගමේ අලුත් browser එක එළිදකී – Microsoft Edge

අන්තර්ජාල browser තරඟය නිතරඟයකින්ම දිනා ඇත්තේ ගූගල් සමාගමේ ක්‍රොම් බ්‍රව්සරයයි. සෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් සමගම මෙන්ම, වින්ඩෝස් පරිඝනක සඳහාද වැඩියෙන්ම ජනප්‍රිය වන්නේ ක්‍රොම් බ්‍රව්සරයයි.

සෑහෙන කලක පටන් මයික්‍රොසොෆ්ට් සමාගමද මෙම බ්‍රව්සර තරඟයට එක්වීමට විවිධාකාරයෙන් උත්සහ කලද, ඒවා හරිගියේ නැත. අවසන් උත්සහය වූයේ Internet Explorer වෙනුවට Edge නමින් බ්‍රව්සරයක් නිකුත් කිරීමයි. එයද එතරම් ජනප්‍රිය වූයේ නැත.

නමුත් පසුගිය මාස කීපය තිස්සේම මයික්‍රොසොෆ්ට් සමාගම එම නමින්ම අලුත් බ්‍රව්සරයක් beta සංස්කරණයක් ලෙස එළිදක්වු තිබුණි. එය Google සමාගමේ Chromium මූළික කරගත් බ්‍රව්සරයකි. මාස ගණනාවකට පසු මෙය පොදු ජනයා සඳහා ඊයේ ප්‍රථම වරට එළිදැක්වුණි.

Chrome බ්‍රව්සරය හා සමාන මෙන්ම, ඊටත් එහා ගිය විශේෂාංග රැසක් එජ් බ්‍රව්සරයට ඇතුලත්වීම කැපී පෙනෙන ලක්ෂණයකි.

iOS, Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති දෙක සඳහාද, වින්ඩෝස් 7, 8, 8.1 සහ 10 මෙන්ම මැක් ඕඑස් සඳහාද මෙම අලුත් බ්‍රව්සරය සහාය දක්වයි.‍ මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් ඕනෑම අයෙකුට නොමිලේ බාගත කිරීමට ඔවුන් පහසුකම් සලසා තිබේ.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: