• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home Main

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදයට අමතරව අප්‍රිකාවෙනුත් අලුත් ප්‍රභේදයක් සොයාගනියි – රටවල් රැසකට පැතිරිලා

December 23, 2020
in Main, විදෙස් පුවත්
0
බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදයට අමතරව අප්‍රිකාවෙනුත් අලුත් ප්‍රභේදයක් සොයාගනියි – රටවල් රැසකට පැතිරිලා
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද විශාල සංඛ්‍යාවක් ලෝකයේ විවිධ රටවලින් සොයාගෙන තිබුණ ද, බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව ප්‍රභේදය ලෝකය ම කැළඹීමට සමත් විය. ඒ, එම වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්ති ප්‍රබලත්වය මූලික වෛරසයට වඩා ඉතා විශාල අගයක් ගැනීම හේතුවෙනි. නව වෛරස්  ප්‍රභේදය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති විද්‍යාඥයින් පවසන්නේ, මෙම නව ප්‍රභේදය ව්‍යාප්ත වීම මූලික වෛරසයට වඩා 70%කින් වැඩි බවය.

මෙම තත්ත්වය හේතුවෙන් ලොවපුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යය සමග පැවති ගුවන් සබඳතා අත්හිටුවීමට සඳුදා දිනයේදී ම පියවර ගත්තේය. ඉන්දියාව ද එදින එම තීරණයට එළඹුණු අතර ශ්‍රී ලංකාව පසු දා එනම් අඟහරුවාදා එම තීරණයට එළඹිණි. කෙසේ වෙතත්, එම තීරණය ගන්නා විට බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත් වී තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, ‘බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළට පැමිණියහොත් විශාල පිරිසක් මිය යා හැකි,’ බවය. එහෙයින් එය ශ්‍රී ලංකාව තුළට පැමිණිය හැකි සියලු ඉඩකඩ ඇහිරිය යුතු බව ඔහු පැවසීය.

1. නව ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව කොපමණ ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පසුගිය දෙසැම්බර් 13 වන දා සිට මේ දක්වා බ්‍රිතාන්‍යය තුළ නව ප්‍රභේදය ආසාදනය වූවන් 1108 දෙනෙකු හමුවී තිබේ. මෙම සංඛ්‍යාව මීට වඩා ඉතා ඉහළ අගයක් ගත හැකි බවට විශ්වාස කෙරේ. මෙම නව ප්‍රභේදයේ සම්භවය පසුගිය සැප්තැම්බර් 20 වන දා කෙන්ට් ප්‍රාන්තයේදී සිදුවී ඇතැයි මේ වන විට තහවුරු කරගෙන තිබේ. මෙය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වී ඇත්තේ, ඔක්තෝබර් මාසයෙන් පසුවය.

2. එය ආසාදනය වීමේ ප්‍රබලත්වය කෙබඳු ද?

මෙම නව ප්‍රභේදය මූලික කොරෝනාවෛරසයට සාපේක්ෂව ව්‍යාප්ත වීමේ ප්‍රබලත්වය 70%කින් වැඩිය. කෙසේ වෙතත්, එහි මරණ සම්භාවිතාව ඉහළ අගයක් ගනී ද යන්න මෙතෙක් තහවුරු වී නැත.

3. නව ප්‍රභේදය ගැන කෙරෙන පර්යේෂණ මොනවා ද?

බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව ප්‍රභේදය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් පවතී. නව ප්‍රභේදය මගින් රෝගීභාවය වැඩි වනවා ද?, මරණ අනුපාතය වැඩි ද? සහ කොවිඩ් වැළඳී සුවය ලැබූවන්ට එය නැවත ආසාදනය වන්නේ ද? යන්න තහවුරු කර ගැනීම සඳහා එම පර්යේෂණ සිදුකෙරේ.

4. කොරෝනා එන්නත කෙරෙහි නව ප්‍රභේදය බලපෑම කුමක් ද?

කොරෝනා වෛරසයේ මූලික ස්වභාවයට අනුකූලව ඊට එරෙහි එන්නත් නිෂ්පාදනය කර ඇති අතර මෙම නව ප්‍රභේදය එම එන්නත්වල ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්නේ ද? යන්න මෙතෙක් පරීක්ෂණවලින් තහවුරු වී නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, නව ප්‍රභේදය වෙනස් ජීව විද්‍යාත්මක ප්‍රපංචයන්ගෙන් සමන්විත වන්නේ ද? නැතහොත් එන්නතේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්නේ ද? යන්න තහවුරු කර ගැනීම සඳහා පර්යේෂණ සිදුකෙරෙන බවය.

5. නව ප්‍රභේදය හමුවී ඇති වෙනත් රටවල් මොනවා ද?

එක්සත් රාජධානියෙන් වාර්තා වූ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය තවත් රටවල් කිහිපයකින් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේ වන විට ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් අදාළ ප්‍රභේදය හමුවී ඇති බවය. ඊට අමතරව, දකුණු අප්‍රිකාවෙන් ද නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් හමුවී තිබේ.

උපුටාගැනීම – මව්බිම පුවත්පත

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: කොරෝනාකොරෝනා වෛරසය
Next Post
අද දිනයේ තවත් ආසාදිතයන් 579ක් හඳුනාගනියි

අද දිනයේ තවත් ආසාදිතයන් 579ක් හඳුනාගනියි

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In