• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

Microsoft සමාගම පරණ තරහවල් අමතක කර ලිනක්ස් පදනම හා එක්වෙයි

November 17, 2016
in දේශීය පුවත්
0
Microsoft සමාගම පරණ තරහවල් අමතක කර ලිනක්ස් පදනම හා එක්වෙයි
Share on FacebookShare on Twitter

තාක්ෂණ ලෝකයේ අයට නම් පුදුම හිතෙන දෙයක් අද සිද්ද වුනා. බොහෝ දෙනා හඳුන්වන විදියට පරණ තරහාකාරයෝ දෙන්නෙක් අද බොහොම සමීප මිතුරන් වුනා. ඒ ලිනක්ස් සහ මයික්‍රොසොෆ්ට් සමාගම!

‘‘මේකෙන් ඔයාලා පුදුම වේවි. හැබැයි මේක එකසැරේ වුන දෙයක් නෙවෙයි‘‘ යනුවෙන් ලිනක්ස් පදනමේ විධායක අධ්‍යක්ෂ ජිම් සෙම්ලින් මයික්‍රොසොෆ්ට් සහ ලිනක්ස් අතර ඉතිහාසය ගැන පැහැදිලි කරමින් මාධ්‍යයට අදහස් දැක්වුවා.

 

Credit : TC
Credit : TC

මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍ර‍ධාන විධායක නිළධාරි සත්‍ය නඩාල්ගේ මඟපෙන්වීම සමඟ මයික්‍රොසොෆ්ට් සමාගම විවෘත මූලාශ්‍ර‍(open source) ආශ්‍රිත බොහෝ දෑ සිදුකරනවා. පසුගිය වසර කීපය තුළදී කැනොනිකල් සමාගමේ උබුන්ටු හි ඇතැම් දේ වින්ඩෝස් 10 වෙතට අරගෙන ආවා හැමෝම දන්නා කරුණක්. එවගේම මයික්‍රොසොෆ්ට් SQL Server මෘදුකාංගයේ ලිනක්ස් වෙනුවෙන් නිර්මාණය කරන ලද සංස්කරණයද නිකුත් කලා. එවගේම මයික්‍රොසොෆ්ට් .NET හි ඇතැම් දෑ Red Hat ඇතුලු සමාගම් කීපයක් සමඟ එකතුවි දියුණූ කරමින් යනවා.

 

එපමණක් නොව, මයික්‍රොසොෆ්ට් සමාගම Node.js, OpenDaylight, Open Container Initiative, R Consortium සහ Open API Initiative වැනි ලිනක්ස් පදනම මඟින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති රැසකට දායක වූ බවද සෙම්ලින් මෙහිදී පවසා සිටියේ බොහෝ දෙනා නොදන්න කරුණක් හෙළි කරමින්.

මයික්‍රොසොෆ්ට් සමාගම ලිනක්ස් පදනමේ වැඩිම මූල්‍ය දායකත්වයක් ලබාදෙන ප්ලැටිනම් සාමාජිකයෙකු ලෙස තමයි එකතුවෙන්නේ. ගූගල් සමාගම සාමාජිකයෙකු වී සිටින්නේ ගෝල්ඩ් සාමාජිකයෙකු ලෙසටයි.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: LinuxmicrosoftOpen Source
Next Post

පාස්වර්ඩ් එක නැතුව iPhone වල ඡායාරූප බලන ක්‍ර‍මයක් සොයාගෙන - ආරක්ෂාව අනතුරේ (වීඩියෝ)

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In