ගිය වසරේ ඇපල් සමාගමේ ඇපල් වොච් එකට පමණක් දෙවැනි වුණු ෂයෝමි සමාගමේ Mi Band එකේ අලුත්ම සංස්කරණය Mi Band 4 ලෙස වසරකට පසු මේ වසරේ පැමිණෙනවා. එහි ඡායාරූප කීපයක්ම මේ වන විට අන්තර්ජාලයට පිටවී තිබෙනවා.

බොහෝ දෙනෙක් මී බෑන්ඩ් එකට වර්ණ ඩිස්ප්ලේ එකක් ඒවි කියලා බලාපොරොත්තු වුනා. මතක නම් ඔබට ගිය වසරේ චීනයේ පමණක් Hey+ කියලා සංස්කරණයක් නිකුත්වුණා. එලෙසම මේ වසරේ මී බෑන්ඩ් එක වර්ණ OLED ඩිස්ප්ලේ එකකින් එන්නේ.
මෙහිදී බොහෝවිට ජංගම දුරකථනයේ Assistant හා සම්බන්ධවීමේ හැකියාවක් තිබෙන්නට ඉඩ තිබෙනවා. මුලින්ම තිබෙන ඡායාරූපයෙන් එවැනි අවස්ථාවක් බලාගන්නට පුලුවන්.
එවගේම NFC සහ Bluetooth 5 සංස්කරණය මෙහි පැමිණෙනවා. බැටරිය 110mAh සිට 135mAh දක්වා වැඩිකර තිබෙනවා. එවගේම වෙනදා තිබුනා වගේ බටන් එකක් නෑ. ඒකත් ඩිස්ප්ලේ එකේමයි තිබෙන්නේ මෙවර.

Discussion about this post