අප පසුගිය දිනෙක ඔබට කිව්වා ෆේස්බුක් අතුරු මුහුණත සම්පූර්ණයෙන්ම වෙනස් කල බව. එයට සමගාමීව ෆේස්බුක් සමාගම මැසෙන්ජර් සේවාව ඇප් එකක් ලෙස පරිඝනකයටද ලබා දී තිබෙනවා. මැසෙන්ජර් සේවාව හඳුන්වාදී වසර 9කට පසු පරිඝනක වෙත ලබාදී ඇති මේ ඇප් එක නිසා දැන් ඔබට යාලුවන්ට සමඟ චැට් කරන්න, කෝල් කරන්න බ්‍රව්සර් එකක් අවශ්‍ය වන්නේ නෑ.
Mircorosft Windows Store සහ Apple Mac Store යන දෙකෙන්ම මේ වන විට ලොව පුරා ඕනෑම අයෙකුට ලබාගත හැකි මැසෙන්ජර් ඇප් එකේ ඔබේ ස්මාට්ෆෝන් එකේ තිබෙන ඇප් එක මෙන් සියලුම පහසුකම් ඔබට ලබාදී තිබෙනවා.

ඔබට මෙම ඇප් එක නිසා බ්‍රව්සර් එකක් විවෘත නොකර, පරිඝනකයේ අනෙකුත් වැඩ සිදුකරන ගමන්ම යහලුවන් සමග සංවාදයේ යෙදීමට පුලුවන්කම ලැබෙනවා. එවගේම Notifications ලැබෙන නිසා ඔබට පහසුවෙන් පණිවුඩය ලැබෙන කෙනා සහ පණිවුඩය බලාගැනීමටත් පුලුවන්.
මෙම ඇප් එක නිකුත් කිරීමත් සමඟ ෆේස්බුක් ප්‍රධාන විධායක නිළධාරී, මාක් සකර්බර්ග් කියා සිටියේ “භෞතිකව දුරස්ව සිටියත්, ෆේස්බුක් අපි නිතරම උත්සහ කරන්නේ ඔබේ ආදරණීයයන් කිට්ටු කිරීමටයි”.

Discussion about this post