ඔබේ පූසන් නගන ඤාව් ශබ්දය හඳුනාගෙන එම ශබ්දයෙහි අර්ථය පරිවර්තනය කරන ඇප් එකක් නිර්මාණය කිරීමට ඇමසෝන් ආයතනයේ හිටපු ඉන්ජිනේරුවරයෙකු සමත් වී තිබෙනවා.
MeowTalk නමැති එම ඇප් එක මගින් සිදු කරනුයේ, පළමුව පූසන්ගේ හඬ පටිගත කරගෙන පසුව එම ශබ්දය හරහා එම පූසා කියන දේ හඳුනා ගැනීමයි.
මේ වන විට එම ඇප් එක මගින් හඳුනා ගන්නේ වාක්‍ය ඛණ්ඩ 13ක් පමණි. “මට කන්න දෙන්න”, “මට බඩගිනියි” සහ “මට තනියම ඉන්න දෙන්න” යන වාක්‍ය ඛණ්ඩ ඒ අතර වනවා.
මේ පිළිබඳව පර්යේෂණවල නිරත වූවන් පවසන්නේ, සෑම පූසෙකුට ම ආවේණික වෙනස් හඬක් ඇති බවයිි.
මේ හේතුවෙන් පූසන් වෙනස් වන විට මෙම ඇප් එක හරහා සිදුවන පරිවර්තන වෙනස් විය හැකි බව ද පර්යේෂකයෝ පවසනවා.
මෙහිදී artificial intelligence සහ machine-learning තාක්ෂණයන් භාවිතා වන බවයි නිිර්මාපකයන් පවසන්නේ.
මෙම ඇප්ලිකේෂනය ඩවුන්ලෝඩ් කිරීමට – MeowTalk Beta – Apps on Google Play
Discussion about this post