• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

අනාගතයේ ලංකාව බබළවන නාසා වළාකුළ

July 24, 2020
in දේශීය පුවත්
0
megha mahima wijewardhana

Cover Credit : Pluse

6
SHARES
Share on FacebookShare on Twitter

මේ පුංචි දූපතෙන් ලෝකයම ප්‍රසිද්ධ වුණ විවිධ පුද්ගලයෝ ගැන අපි ඕන තරම් අහලා බලලා කියවලා ඇති. අද ලිපියෙනුත් කියන්න සූදානම් වෙන්නේ ලෝකයක්ම මවිත කරමින් ලංකාවේ නම බබලන්න උත්සාහ කරන පුංචි දක්ෂ දරුවෙක් ගැන. නමින් ඔහු “මේඝ මහීම විජේවර්ධන”. ඔහු කුඩා කළ සිට තම දෙමාපියන් සමග ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. පුංචි මේඝ ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නාසා (NASA) ආයතනයේ දැනට වැඩ කරන ළාබාලතම අභ්‍යවකාශ ව්‍යාපෘති තානාපතිවරයා විදියට. “OSIRISS-REX” නමින් හඳුන්වන නාසා ආයතනය විසින් පවත්වාගෙන යන “බෙනූ” (Bennu) නම් පෘථිවිය ආසන්නයේ පිහිටි ග්‍රහකයේ සිට සාම්පල පෘථිවියට රැගෙන විත් අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියේ ළාබාලතම සාමාජිකයා සහ එහි කණ්ඩායම් නායකයා විදියටත් මේඝ වර්තමානයේ විද්‍යාඟයන් අතර ඉතා ප්‍රසිද්ධයි. 2023 දී බෙනූ ග්‍රාහකයේ සාම්පල ගෙන ඒකමට අරමුණු කර ඇති මේ ව්‍යාපෘතියේ ඕස්ට්‍රේලියානු සන්නිවේදන කටයුතු භාරව ද, මෙම ව්‍යාපෘතිය පිළිබඳ යාවත්කාලීන පුවත් සහ විස්තර ජනතාව වෙතට ගෙනයාමට ද, මේ මෙහෙයුමට අදාළව පුහුණු සහ සම්බන්ධීකරණ කටයුතු භාරව ද පුංචි මේඝ වගකීමෙන් බැඳී ඉන්නවා. කිසිම විද්‍යාඥයෙකුට අනුමාන කළ නොහැකි මට්ටමේ දැනුමක් මේ ව්‍යාපෘතිය මඟින් ඔහු පෙන්වා තිබෙන බව නාසා ආයතනය සඳහන් කරනවා. මෙච්චර බුද්ධිමත්ව වැඩ පෙන්වන පුංචි මේඝට තාම අවුරුදු 10යි.

ඔහුගේ මව සඳහන් කරන විදියට ඉතාම කුඩා වයසේ දී තමයි මේඝ අහස දිහා බලන් ගොඩක් ආසාවෙන් ඒ ගැනම කිය කිය දොඩමළු වෙන්නේ. ඒ වගේම ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන දෙවියන් වහන්සේ විසින් ලෝකය මැවීමේ කතන්දරය පිළිබඳ කුතුහලයෙන් සහ විශ්මයෙන් පසු වුණු මේඝ, එහි සඳහන් ඉර, හඳ, තරු, වල්ගා තරු, අහසේ විශාලත්වය සහ ගැඹුර පිළිබඳව සොයන අරමුණෙන් අවුරුදු තුනේදී ඉඳන්ම ලෝකය මැවීමේ කතාව ගැන විවිධ ප්‍රශ්න නිතරම වාගේ තම මව සහ පියාගෙන් අහන්නට පුරුදු වී සිටියා. අකුරු කියවීම ආරම්භ කළ දිනයේ ඉඳන් විද්‍යාත්මක පොතපත කියවන්න ඔහු විශේෂ උනන්දුවක් දක්වලා තියනවා. මේඝගේ දෙමව්පියන්ගෙන් ද ඔහුගේ මේ අමුතු කුතුහලය සංසිඳවන්න හැකි උපරිම සහයෝගය ලැබෙනවා.

ඔහුගේ පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් පවසන ආකාරයට මේඝ ප්‍රබන්ධ (Fiction) කතා කියවීමට කිසිසේත්ම කැමති කෙනෙක් නෙමේ. කුඩා වියේම වේගයෙන් අකුරු කියවමින් ප්‍රබන්ධ නොවන (Non-fiction) වර්ගයේ පොත් එක්ක කාලේ ගෙවන්න ඔහු පුරුදු වූ දරුවෙක්. විටකදී ඔහු කියනව ප්‍රබන්ධ නොවන පොත් ඔහුගේ වයසට වඩා අතීශය බරපතල බව පවසමින් ඔහුට පාසල් පුස්තකාලයේ ප්‍රබන්ධ නොවන පොත් කියවීම පවා තහනම් කරලා තියෙනවා. පාසල එසේ තීරණයක් ගෙන තිබුනේ න්‍යායාත්මක දැනුම පමණක්ම මෙතරම් කුඩා දරුවෙකු වෙත ලැබීම එය දරුවාගේ මනසට යම් හානියක් කරයිදෝ යන බිය නිසායි. වෛද්‍යවරුන් පවසන පරිදි මේඝගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඔහුගේ වයසට වඩා අවුරුදු 5කින් වැඩි වර්ධනය වී ඇති බවයි සඳහන් කරන්නේ. සුරතල් හඬකින් කතා කරන පුංචි මේඝ ඉතා වේගයෙන් කතා කරන දරුවෙන් වෙලා තියෙන්නේ ඔහුගේ සිතීමේ ශක්තිය සහ දැනුම් පිපාසය නිසා බව ඔහුගේ දෙමාපියන් සඳහන් කරනවා. මේ නිසාම මේඝව තේරුම් ගත හැකි ඔහුගේ වයසේ යහළු යෙහෙළියන් ඔහුට නැහැ. ඔහු ඇසුරු කරන්නේ ඔහුට වඩා වයසින් වැඩි යහළු යෙහෙළියන් සහ පාසලේ විද්‍යා ගුරුවරුන් බවත් වාර්තා වෙනවා. මේඝගේ මේ අසාමාන්‍ය බුද්ධි මට්ටම නිසා ඔහුව ඇඩිලේඩ් හි වෙස්ට්මිනිස්ටර් උසස් පාසල වෙත යොමු කරන්න ඔහුගේ දෙමාපියන් කටයුතු කරා. ඒ අනූව ඔහුටම සුවිශේෂී වන ලෙස සකස් කළ අධ්‍යයන කටයුතු මාලාවක් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙත ඔහු යොමු කරන්නට එම පාසලේ බළධාරීන් ද තීරණය කරා.

“Future Problem Solving” ලෙස හැඳින්වෙන අධ්‍යයන කණ්ඩායමක් වෙත තම දරුවා යොමු කරන්න ද මේඝගේ දෙමාපියන් තවදුරටත් කටයුතු කරා. වයස අවුරුදු 4 දී මේඝ දකුණු ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ අභ්‍යාවකාශ විද්‍යාව (Astronautics) පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමට ද යොමු කර තිබුණා. එම පාඨමාලාවේ සිටි අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන් පවසන පරිදි මේඝ පුදුමාකාර දැනුමක් ඔවුන්ටත් වඩා පෙන්වූ ළමයෙක් වගේම කිසිම මහන්සියක් අමාරුවක් නොමැති ළමයෙක් බව ඔවුන් පවසා තිබුණේ විශ්මයෙනි. පසුව අභ්‍යවකාශ භෞතික විද්‍යාව (Space Physics) පිලිබඳ මහචාර්යවරුන් විසින් ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ පවත්වන රාත්‍රී දේශන සඳහා ද මේඝ සහභාගී වී තිබෙන්නේ ඉතාම උද්‍යෝගයෙන්. එහිදී ඔහුගේ මිතුරු කැළ වුනේ විශ්ව විද්‍යාල සිසුන් සහ විද්‍යාඥයින්. 2017 වර්ෂයේදී නාසා ආයතනය විසින් සංවිධානය කරපු “NASA Space Apps Challenge” තරඟය සඳහා ලියාපදිංචි වෙද්දි මේඝගේ වයස අවුරුදු 6යි. ඔහු තරඟ වැදුණේ විශ්ව විද්‍යාල සිසුන් සහ ඉංජිනේරුවන් එක්ක. වායුගෝලය පිළිබඳව කරුණු දෙකක් අණාවරණය කොට එම අභියෝගය ජයගත් මේඝ ඒ තරඟයේ දී ඉංජිනේරුවන් සිටි තම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර ඇත. පසුව “Airbus” නම් සමාගම සහ ප්‍රංශ රජය ඒකාබද්ධව සිදුකරන “Acting Space” නම් ව්‍යාපෘතියේ 2018 දී චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කර මුහුද මැද දී නැව් අතුරුදහන් වීම වැලැක්වීම සඳහා කරන ව්‍යාපෘතියට සම්බන්ධ තමන්ගේම කරුණු ඉදිරිපත් කිරීමක් ද මේ තරඟයේදී මේඝ විසින් අණාවරණය කර තිබෙනවා.

එහිදී ඔහු තරඟය ජයග්‍රාහණය කරන්නේ එම තරඟය සඳහා සහභාගී වුණ ළාබාළතම තරඟකරු විදියටයි. ඉන්පසුව 2018 දී පැවැත්වුණු NASA Space Apps Challenge තරඟය සඳහා නැවත ඉදිරිපත් වුණ මේඝ වසර 200කින් පමණ පෘථිවිය හා ගැටීමට නියමිත බෙනූ ග්‍රාහකය වැලැක්වීමේ මෙහෙයුමට අදාළව ද ඉතා විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සිදු කර තිබෙනවා. පුංචි මේඝ තමන්ගේ අභ්‍යවකාශ ව්‍යාපෘතිය පිළිබඳ යෝජනාව වානිජමය වටිනාකමකින් යුතු වැඩපිළිවෙළක් මට්ටමටම දියුණු කිරීම ද විශේෂත්වයක්. දෙවන වරටත් නාසා ආයතනය මවිත කරවන මට්ටමේ දැනුමක් පෙන්වූ මේඝට ඒ අනූව 2018 දී OSIRISS-REX අභ්‍යවකාශ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අනූව ඔහු මේ ව්‍යාපෘතියේ නායකයා ලෙස ද නාසා ආයතනය නම් කරනු ලබනවා. මේ ව්‍යාපෘතියේ අධ්‍යයන කටයුතු අතරතුර ඕස්ට්‍රේලියානු නාසා ආයතනයේ OSIRISS-REX මෙහෙයුමේ තානාපති තනතුර වෙත අයදුම් කරන්නට මේඝට ද අවස්ථාව හිමි වෙනවා. ඇමරිකාවෙන් හෝ කැනඩාවෙන් හැරෙන්නට තානාපතිවරයකු තෝරාගන්නා එම තනතුර අවසානයේදී මේඝට ලබා දුන්නේ ඔහු පිළිබඳ සියලුම ආරක්ෂක සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දීර්ඝ පරීක්ෂණ කිරීමකින් සහ සංකීර්ණ වූ බුද්ධි පරීක්ෂණ කිහිපයකින් අනතුරුව බව නාසා ආයතනය සඳහන් කරනවා. මෙම තනතුර සමඟ ඔහු අනෙකුත් වැඩකටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ පුහුණු වැඩමුළුවක් වෙත ද ඔහුව යොමු කරලයි තියෙන්නේ. ඒ විතරක් නෙමේ. OSIRISS-REX මෙහෙයුමට අදාළ විශේෂ සම්මන්ත්‍රණ සඳහා ද ඔහු මේ වන විටත් සහභාගී වෙනවා. නව ව්‍යාපෘතියක් වන මේ ව්‍යාපෘතිය පිලිබඳව මහජනතාවට සහ වියතුන්ට ඇතිවන ගැටළු සඳහා නාසා ආයතනය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවේදී පිළිතුරු ලබා දෙන්නේ මේ පුංචි ශ්‍රී ලාංකික දරුවායි. අභ්‍යවකාශ භෞතික විද්‍යාව පිලිබඳ හසළ දැනුමක් ඇති මේඝ නිර්මාණකරණය සහ ඩ්‍රම්ස් වාදනය සඳහා ද දක්ෂ දරුවෙක්.

ඔහුගේ මීළඟ අරමුණ වන්නේ වයස අවුරුදු 15 දී ගුවන් නියමු බලපත්‍රය ලබා ගැනීමට බව ඔහු විටින් විට මාධ්‍යයට සඳහන් කර තිබෙනවා. ඒ වගේම අනාගතයේ යම් දිනක නසා ආයතනයේ රොකට් යානා පිළිබඳ විශේෂඥ විද්‍යාඥයෙක් වෙන්නටත් ඔහු බලාපොරොත්තු වෙන බව තවදුරටත් සඳහන් කර තිබෙනවා. වචනයේ පරිසමාප්තියෙන්ම “මේඝ” කියන්නේ වළාකුළුවලට. මේඝගේ නමත් අහස එක්ක සම්බන්ධ වෙන තරමටම ඔහුට ඒ ගැන තියන උනන්දුවත්, දැනුමත් ඔහුගේ වයසට වඩා ගොඩාක් ඉහළයි. කැපී පෙනෙන දැනුමක් පෙන්වන්නේ නැතුව වැඩිහිටි විද්‍යාඥයෙක්ට උනත් නාසා ආයතනයට සම්බන්ධ වීම කොහෙත්ම පහසු දෙයක් නෙමේ කියලා ඔබත් මමත් හොඳින්ම දන්නවා. තමන්ගේ සුවිශේෂී බුද්ධිය සහ වටිනා දැනුමත් එක්ක අනාගතයේ ගුවන ජය ගන්නට මේඝ මහීම විජේවර්ධනට අපි රටක් විදියට හදවතින්ම සුභ ප්‍රාර්ථනා එක් කරමු!

මේඝ මහීම විජේවර්ධනගේ Youtube චැනලය: https://www.youtube.com/channel/UCP6VUi6ROzrGA1rcThyVJXg

 

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: megha mahima wijewardhanaNASAsri lanka
Next Post
Oppo Watch එක ජූලි 31 වැනිදා නිකුත්වේ

Oppo Watch එක ජූලි 31 වැනිදා නිකුත්වේ

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In