මාතර උයන්වත්ත පිහිටි පුද්ගලික රෝහලක සේවය කල වෛද්‍යවරයෙකු ඇතුළු 5 දෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව හෙළි වීමත් සමග එම රෝහල තාවකාලිකව වසා තැබීමට මාතර පුරපති රංජිත් යසරත්න මහතා අද නියෝග කළා.
නගරාධිපතිවරයා ලෙස තමාට පැවරී ඇති බලතල අනුව එම නියෝගය නිකුත් කළ බවත් ඊට අවනත නොවී එම රෝහල් පරිපාලනය කටයුතු කලහොත් හෙට (12) අධිකරණ නියෝගයක් ගන්නා බවත් ඒ මහතා සඳහන් කළා
තවද අදාල රෝහලේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති වෛද්‍යවරයා ඒ පිළිබඳව වසන් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නීරෝධායන නීති රීති යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියා
අදාල රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර එම වාර්තා ලැබෙන තෙක් ද රෝහල සම්පූර්ණයෙන් විෂබීජහරණය කර අවසන් වන තෙක් ද රෝගීන් ඇතුලත්කර ගැනීම්, හා බාහිර රෝගී අංශය ආදී සියලු කටයුතු තාවකාලිකව නතර කිරීමට උපදෙස් දුන් බවද පුරපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
කෙසේ වෙතත් අදාළ රෝහල මේ වන විටත් එම නියෝගය නොසලකා හැර ඇති බවයි අප ප්‍රාදේශීය පුවත් වාර්තකරු සඳහන් කළේ.
Discussion about this post